(සුජිත් හේවාජුලිගේ )
නුවරඑළියේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලට එළවළු ප්‍රවාහනය කරන ලොරි රථ හතළිහකට පමණ නගරයේ ඉන්ධන පිරවුම්හල්වලින් ප්‍රමුඛත්වය ලබාදී ඉන්ධන නිකුත් කිරීම සඳහා විශේෂ බලපත්‍රයක් හෙට (3) සිට නිකුත් කරන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා ලංකාදීපයට පැවැසීය.
එළවළු සැපයීමේ ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අරමුණින් තමා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පැවසූ දිස්ත්‍රික් ලේකම්වරයා මෙම වැඩපිළිවෙලට සහාය දැක්වීමට නගරයේ ප්‍රධාන ඉන්ධන පිරවුම්හල් දෙකේ හිමිකරුවන් එකඟවී ඇතැයිද ප්‍රකාශ කළේය.
මේ අතර නුවරඑළියෙ වගාවන් සඳහා ජලයේ ඉසීමට යොදාගන්නා යන්ත්‍ර ක්‍රියාත්මක කරවීමද ඩීසල් සහ භූමිතෙල් හිඟය නිසා බොහෝ දුරට නතරවී ඇතැයි වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් අප නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඒ සඳහා ඉන්ධන සපයා දීමටද තමා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යන බවයි.
මේ අතර නුවරඑළියේ එළවළු ප්‍රවාහනය ඉන්ධන හිඟය නිසා සියයට 70 කින් පමණ අඩපණවී ඇතැයි සීමාසහිත සමස්ත ලංකා විශේෂ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සංගමයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසීය.
එළවළු වගා කටයුතු සහ ප්‍රවාහන කටයුතු සඳහා අවශ්‍ය කෙරෙන ඉන්ධන සපයාදීමට හැකි ඉක්මනින් කටයුතු කරන්නැයි තමා කෘෂිකර්ම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් සහ රජයේ වගකිවයුතු පුද්ගලයන් රැසකගෙන් ඉල්ලීමක් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
එළවළු එක් දිනකට වඩා තබාගත නොහැකි හෙයින් ඒවා හැකි ඉක්මනින් ප්‍රවාහනය කිරීම අවශ්‍ය වන බව ඔහු වැඩිදුරටත් කීවේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නුවරඑළියෙන් පිටවෙන එළවළු ලොරිවලට දිසාපතිගෙන් තෙල් බලපත්‍රයක්
අප්පුහාමි Wednesday, 02 March 2022 06:09 PM
වර්තමානයේ පරිපාලන සේවයේ නිලධාරින් බොහෝ දෙනෙක් අසමත් කියන්න හැකියාව ඇත්තේ පළාත් සභා ඇතිකිරීමට පෙර දිසාපතිතුමන්ලා සහ උපදිසාපති තුමන්ලා සමග වැඩකර ඇති බැවිනි.. ඒ කාලයේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීන්දු, තීරණ ගත් එතුමන්ලා තමන්ගේ සේවයේ කෙනකු වුණත් වරදක් කළොත් සේවයෙන් පහකිරීමට තරම් බලවත් වුණා. එක් දිසාපතිතුමෙකු උප දිසාපති කාර්යාලයට ගිය අවස්ථාවක උප දිසාපති කාර්යාලයේ සිට නැහැ. මිනිස්සු රස්තියාදු වෙනවා දැකලා තිබුණා. දිසාපතිතුමා කරලා තිබුනේ කාර්යාලයේ මාණ්ඩලික සහකාර (එකල පරිපාලන නිළධාරින් එම කාර්යාලවල නැහැ) උප දිසාපති එනතුරු වැඩ බැලීමට පත්කිරීමයි, එහෙමයි ඒ කාලේ ප්‍රශ්න විසඳුවේ. නමුත් දැන් කාලේ එහෙම කළොත් වර්ජන, ගර්ජන, තර්ජන කොහොම තියේද? මෙහෙම තිබුණු බලවත් දිසාපති තනතුර පළාත් සමග නැතුව ගියා සේවයත් පළාත් පාලන පරිපාලන සේවය සමග ඒකාබද්ධ කිරීමෙන් තීරණ ගැනීමත් දුර්වලම වුණා. ඒ අතින් නුවරඑළියේ දිසාපතිතුමා දක්ෂයෙක් කියන්න පුළුවන්...