IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නිකන් දුන්න ඩිප්ලෝමාවට ලක්ෂ දෙකක් අය කරයි

(මුදිතා දයානන්ද)

මෙතෙක් නොමිලේ පවත්වන ලද ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමා පාඨමාලා සඳහා නවක සිසු සිසුවියන්ගෙන් රුපියල් 225,000 ක් අය කිරිමට ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය කටයුතු කර ඇතැයි ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමාධාරී ආදී විද්‍යාර්ථීන්ගේ සංසදය පවසයි.

මෙම පාඨමාලාව උපාධියක් දක්වා උසස් කරන බව පවසමින් ඊට අදාලව සකස් කළ විෂ්‍ය නිර්දේශයක් යටතේ අධ්‍යන කටයුතු සිදු කෙරෙන බවද එහෙත් මේ දක්වා මෙම ආයතනය උපාධි පිරිනැමීමට හැකි ආයතනයක් ලෙස ගොඩනගා නැති බවද එම සංගමය පවසයි.

පාඨමාලාව පවත්වාගනෙ යනු ලබන ඉංජිනේරු තාක්ෂන ආයතනයේ යටිතල පහසුකම් සංවර්ධණය කිරිමට ඔස්ට්‍රියානු රජයෙන් යුරෝ මිලියන 9.5ක ණය ආධාර මුදලක් 2016දී ලබා දුන්නද මෙතෙක් එම ව්‍යාපෘතියේ අරමුණ ඉටුකර නැති බවද ආදි විද්‍යාර්ථින්ගේ සංගමය පවසයි.

කරුණු එසේ තිබියදී පාඨමාලාව උසස් කරන බව පවසමින් නවක සිසුන්ගෙන් මෙතරම් විශාල මුදලක් අය කිරිම අසාධාරන බවද ඔවුහු පවසති.

මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසීමකදී ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරිමේ අධිකාරියේ සභාපති එච්. එස්. හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේ පාඨාමාලාව උපාධියක මට්ටමට උසස් කර ඇති බැවින්ද ඒ සඳහා අවශ්‍ය කරන අමතර වියදම් දැරීමට රජයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කරගැනීමේ අපහසුතාවය නිසාද සිසුන්ගෙන් මෙලෙස මුදල් අය කිරිමට කටයුතු කළ බවය. එසේම සිසුන්ගෙන් සියයට තිස්පහකගෙන් ගාස්තු අය නොකරන බවද අවශ්‍ය අයට බැංකු ණයකින් ගාස්තු ගෙවීමේ පහසුකම් සලසන බවද ඔහු පැවසීය.

ලෝකේ කොතැනක වුවත් පිළිගන්න පාඨමාලාවක් බවට පත් කරන අදහසින් මෙම පාඨමාලාව උසස් කළ බවද හරිස්චන්ද්‍ර මහතා පැවසීය.



අදහස් (0)

නිකන් දුන්න ඩිප්ලෝමාවට ලක්ෂ දෙකක් අය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 450 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site