IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


දේශබන්දු පැය දහයකටත් වඩා සාක්කි දෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව වග උත්තරකාර පොලිස්පතිවරයාගේ සාක්ෂි ලැයිස්තුවේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ලබා ගැනීම අද(23) ආරම්භ කළේය.

වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් සාක්ෂිකරුවන් 15 දෙනෙක් සාක්ෂි ලබාදීමට නියමිතය. මේ අනුව අද දින  උදෑසන 9.30 සිට රාත්‍රී 8.00 පමණ වන තෙක් වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා   පරීක්ෂණ කමිටුව ඉදිරියේ  සාක්ෂි ලබාදීම සිදුවිය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් කමිටුව රැස්විය.

ඒ අනුව වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් සාක්ෂි ලබාදීමට නියමිත සාක්ෂිකරුවන්ගේ  සාක්ෂි ලබාගැනීම  සඳහා පරීක්ෂණ කමිටුව හෙට (24) පෙ.ව 9.30 ට රැස්වීමට නියමිතය.



අදහස් (0)

දේශබන්දු පැය දහයකටත් වඩා සාක්කි දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 48 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2175 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 677 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site