(බණ්ඩාර රත්නායක)
දොඩන්ගස්ලන්දේ වරකාවැහැර හා හිරියාලේ දේතිලිඅංග ගම්මාන දෙක යා කරමින් දැදුරු ඔය හරහා සංගිලි පාලමක් ඉදිකිරීමේ යෝජනාව වසර 26ක් තිස්සේ මුල් ගලකට පමණක් සීමා වී තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති.
මීට වසර 26 කට ඉහතදී එනම් 1999 ජනවාරි 24 වැනිදා එවක රජයේ මහාමාර්ග අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතා අතින් අදාළ පාලම ඉදිකිරීම සඳහා මුල්ගල් තබා සිහිවටන පුවරු විවෘත කළත් මෙතෙක් ඉදිවූ පාලමක් නම් නොමැති බව එම ගම්මාන දෙකේ ජනතාව පවසති.
මෙම සංගිලි පාලමේ ඉදිකිරීම් නතර වීම පිළිබඳ සොයා බැලීම සදහා දේතිලිඅංග ගමට යෑමට සිදුවූයේ වරකාවැහැර ගමට පැමිණ ඉණවටකටත් වඩා ගැඹුරු දැදුරු ඔය තරණය කරමිනි. මේ පාලම ඉදිනොවීම නිසා දොඩන්ගස්ලන්ද රිදීගම වරකාවැහැර හා ඒ අවට ගැමියන් හා හිරියාල ඉබ්බාගමුව දේතිලිඅංග හා අවට ගම්මානවල අයට ගමන් පහසුව සලසා ගැනීම සඳහා කිලෝමීටර් 20-25 පමණ දුරක් ගෙවා යාමට සිදුවන බව ප්‍රදේශවාසීහු කියති. පාලම ඉදි කළහොත් එම ගමනට ඇත්තේ කිලෝ මීටර් 3-4 ක දුරකි.
2010 වසරේ මෙම පාලම ඉදිකරන්නට බාරගත් රාජ්‍ය නොවන සංවිධානයක් පාලමේ වැඩ පටන් ගැනීමට ඔය දෙපසම ශුද්ධ කර පාලමට අවශ්‍ය යකඩ ග්‍රේඩර් කණු කම්බි දැල් බට ආදියද ගෙනැවිත් දේතිලි අංග ගමේ එගොඩ මෙගොඩ අඩි දහකටත් වඩා ගැඹුරු මහා වලවල් හතරක් කැපුවද එතැනින් එහාට වැඩක් වුණේ නැතැයි ගම්වාසීහු පැවසූහ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දේතිලිඅංග සංගිලි පාලමේ මුල්ගල වසර 26 ක් පැළවෙලා