IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


දෙමළ- මුස්ලිම් පක්ෂ නායකයන්ට ජනපතිගෙන් ඇරැයුමක්

(අංජුල මහික වීරරත්න)

සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමට දෙමළ, මුස්ලිම් පක්ෂ නායකයින්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ඇරැයුම් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ, මෙම දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත ශ්‍රී ලාංකික දිනයේ දැනට සැලසුම් කර ඇති වැඩසටහන් පිළිබඳව විපක්ෂය නියෝජන කරන දෙමළ, මුස්ලිම් පක්ෂ නායකයින් සහ නියෝජිතයන් දැනුවත් කිරීම සහ අදහස්, යෝජනා ලබා ගැනීම වෙනුවෙන්  ජනාධිපති කාර්යාලයේ පැවති හමුවට එක් වෙමිනි.

සියලු ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවලට ගරු කරමින් මෙරට සෑම පුරවැසියෙකුටම නිදහසේ ජීවත් වීමේ අවස්ථාව ලබා දිය යුතු බවත්, අපේ රට කවර හෝ ජාතිවාදී උගුලකට හසුවීමට ඉඩ නොතබන බවත් අවධාරණය කළ ජනාධිපතිවරයා, ඒ වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබා දෙන ලෙස සියලුදෙනාට ආරාධනා කළේය.

ප්‍රජාවන් අතර අවබෝධය වර්ධනය කරමින් සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම යන දැක්ම පෙරදැරිව සියලු ජන කොටස් එක් කර ගනිමින් ‘ශ්‍රී ලාංකික දිනය’ පැවැත්වීමට සැලසුම් කර තිබේ.

සියලු ජාතීන් එක් කර ගනිමින් ශ්‍රී ලංකා දින සැමරුම සංවිධානය කිරීම, මීට සහභාගී වූ සියලු පක්ෂ නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ ඇගයීමට ලක් වූ අතර ඒ හා සම්බන්ධ අදහස් සහ යෝජනා ඉදිරිපත් කළහ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මඟපෙන්වීම අනුව, රජය ක්‍රියාත්මක කර ඇති විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සහ රට තුළ ජාතික සහ ආගමික සමගිය ගොඩනැඟීමේ වැඩපිළිවෙළට කොන්දේසි විරහිතව තම සහාය ලබා දෙන බවද මෙහිදී එම නියෝජිතයෝ අවධාරණය කළහ.



අදහස් (0)

දෙමළ- මුස්ලිම් පක්ෂ නායකයන්ට ජනපතිගෙන් ඇරැයුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 36 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 148 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1000 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site