IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


දෙපාර්තමේන්තු රාජ්‍ය සංස්ථාවල 10000ක් ස්ථිර සේවයට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

දෙපාර්තමේන්තු සහ රාජ්‍ය සංස්ථාවල අනියම් සේවකයන් දස දහසක් ස්ථිර කිරීමට කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.

ගේට්ටු මුරකරුවන්ගේ දීමනාව රැපියල් හත්දහස මෙවර අයවැයෙන් පහළොස් දහසක් දක්වා වැඩි කළ බව කී අමාත්‍යවරයා එමඟින් දුම්රිය ගේට්ටුවල අනාරක්ෂිතභාවය සහමුලින්ම ඉවත් වේ යැයි විශ්වාස නොකරන බවද සඳහන් කළේය.

දුම්රිය ගේට්ටු සම්බන්ධයෙන් දිගු කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද ඔහු කීවේය.

මාර්ග සංවර්ධන අධිකාරියේ හත්සිය ගණනක් ස්ථිර කළ බවත් තව තුන්සිය ගණනක් ස්ථිර කිරීමට  අැති බවත්  බිමල් රත්නායක මහතා පැවසීය.

ස්ථිර කිරීමට ඔවුන් සාමාන්‍ය පෙළ විභාගයට ලියා තිබිය යුතු බව කී  අමාත්‍යවරයා සමත්වීම නොවන බවද ප්‍රකාශ කළේය.

විභාගයට වාඩිවුණාට පසුව තමයි සමහරු සුදුසුකම් ලබන්නේ යැයි  රත්නායක මහතා පැවසීය.



අදහස් (0)

දෙපාර්තමේන්තු රාජ්‍ය සංස්ථාවල 10000ක් ස්ථිර සේවයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 490 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2233 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site