IMG-LOGO

2025 සැප්තැම්බර් මස 01 වන සඳුදා


දූෂණ මඩින්න ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් අත දෙයි

(අංජුල මහික වීරරත්න)

මෙරට සංචාරයක නිරත ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සභාපති ෆ්‍රැන්සුවා වැලරියන් (Mr. François Valérian) මහතා සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකෙහිම පවත්නා දූෂණයට එරෙහිව කටයුතු කිරීම සඳහා රජය දරන අඛණ්ඩ ප්‍රයත්නය මෙහිදී  ෆ්‍රැන්සුවා වැලරියන් මහතා වෙත පැහැදිලි කළ ජනාධිපති ලේකම්වරයා  දූෂණ විරෝධී යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා රජය නව වැඩපිළිවෙළ කිහිපයක්ම ආරම්භ කර ඇති බවත්, ඒවා දැනටමත් සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බවත් සඳහන් කළේය.

අල්ලස සහ දූෂණය තුරන් කිරීම, රාජ්‍ය අරමුදල් ඵලදායී ලෙස භාවිතා කිරීම සහතික කිරීම සහ රට තුළ සුපිළිපන්න සංස්කෘතියක් ඇති කිරීම යන පුළුල් අරමුණු ඇතිව අල්ලස සහ දූෂණය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සඳහාද වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව ජනාධිපති ලේකම්වරයා පැවසීය.

මෙහිදී, අල්ලස සහ දූෂණය වැළැක්වීම සඳහා රාජ්‍ය ආයතන තුළ අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීම මෙන්ම, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ හඳුන්වා දුන් පියවරද අගය කළ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සභාපතිවරයා, දූෂණ විරෝධී ඉලක්ක ඉදිරියට ගෙන යාමේදී රජය සහ සිවිල් සමාජය ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළ අතර, ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී වැඩපිළිවෙළට අඛණ්ඩව සහාය දැක්වීමට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් කැප වී සිටින බවද පැවසීය. 



අදහස් (0)

දූෂණ මඩින්න ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් අත දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 135 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15783 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 553 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site