(සුජිත් හේවාජුලිගේ )
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මෙම බදු මුදල් අයවීමට නියමිතව ඇතැයි පැවසෙන්නේ ඉප්පන්තිව්, වෙල්ලයි,සින්න ඉරමතිව් දූපත, ඉරමතිව් බටහිර දූපත, සින්න ආරච්චල් සහ ඉරමතිව් යන දූපත්වලිනි
මේ අතර කල්පිටියේ තවත් දූපත් හයකට අයත් ඉඩම් අක්කර 457 ක් ජනපති නිදහස් දීමනා ලෙස සංචාරක සංවර්ධන අධිකාරියට පවරා තිබුණද එම ඉඩම් ආයෝජන සඳහා යොමු කිරීමට වසර දහයකට වැඩි කාලයක් ගත වී තිබූ බව වාර්තාවේ දැක්වේ.
මේ අතර යාල සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ආයෝජකයන් තෝරා ගැනීමේ දුර්වලතා හේතුවෙන් එම ව්‍යාපෘතිය අසාර්ථක වී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ හේතුවෙන් යාල පලටුපාන සංචාරක කලාපයේ විවිධාංගිකරණය වූ පාරිසරික අත්දැකීමක් සංචාරකයන්ට ලබාදීමට තිබූ අවස්ථාව මග හැරී ගොස් ඇති බව වාර්තාව සඳහන් කරයි.
එසේම දූහිඳ ඇල්ල ආශ්‍රිතව පරිසරහිතකාමී කඩ කාමර විස්සක් ඉදිකිරීමේ ව්‍යාපෘතියද කඩ කාමර කොටසක් නිම කිරීමෙන් පසු නතර කර ඇතැයි විගණන නිලධාරීන් නිරීක්ෂණය කර ඇත. ඉදිකිරීම් ප්‍රමිතියකින් තොරවීම හා අධිකාරියේ සමීප අධීක්ෂණයක් නොමැතිවීම ඊට හේතු වී තිබූ බව විගණන වාර්තාවේ දැක්වේ.
මෙම ව්‍යාපෘතිය 2017 වර්ෂයේදී ආරම්භ කර 2018 ජනවාරි මස නිම කිරීමට අපේක්ෂා කර තිබිණ.
මේ තොරතුරු සඳහන් වන්නේ සංචාරක සංවර්ධන ප්‍රදේශ සහ සංචාරක ව්‍යාපෘති සංවර්ධන කර්මාන්තයට දායක කරගැනීම පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාවේය.
අවාරයේ ශ්‍රී පාදය කරුණාකිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි වර අයදුම්කරුවෝ 10,000 කට අධික සංඛ්‍යාවකට අයදුම් නොකළ විෂයක් ඇතුලත් විභාග ප්‍රවේශපත් ලැබීමෙන් ඔවුහු දැඩි අපහසුතාවට පත්ව
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී දැන් පැවැත්වෙන ග්‍රෝන්ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා කෙටි ධාව
වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් කීහිපයක් මුල්කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද (03) දිනයේද අසනීප නිවාඩු මත රාජකාරියට වාර්තා නොකිරීම නිසා
2024 වසරේ මුල් මාස හතරේ දී ශ්‍රි ලාංකිකයින් 2771 දෙනකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි .
’’ඔන්මැක්ස් ඩී.ටී.’’ පිරමීඩ ජාලය රට පුරා ව්‍යාප්ත කරමින් ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස් කළේ යැයි කියන හය දෙනෙක රටි
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
Prabha Saturday, 20 April 2024 11:35 PM
ඇමැතිගේ ගානයි, නිලධාරීන්ගේ ගානයි හරියට ගෙවනවා නම් ඇතිනේ...!
ranjith Sunday, 21 April 2024 07:01 AM
මහලොකුවට ආයෝජන ගැන කයිවාරු ගහනවා... අන්තිමට වෙන දේ තමයි.
sk Sunday, 21 April 2024 06:26 PM
ඇමැතිලාගේ කටවල් විතරයි.