IMG-LOGO

දුෂ්කර පාසල් සංවර්ධනය කිරීමේදී හිතවත්කමට අවස්ථාව දෙන්න එපා

(යොහාන් භාසුර)


දුෂ්කර පාසල් සංවර්ධනය කිරීම සඳහා තෝරා ගැනීමේදී හිතවත්කම් මත නොව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අනුමැතිය මත තෝරා ගැනීම කළ යුතු බවත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුලින් සියලු දරුවන්ට රැකියාවකට යොමුවීමට හෝ උපාධිය හැදැරීමට අවස්ථාව හිමිවන බවත්  අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය,  අග්‍රාමාත්‍ය  ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය  පැවසුවාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් නැගෙනහිර පළාත නියෝජනය කරන නිලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් නැගෙනහිර පළාත් සභාවේදී පැවති දැනුවත් කිරීමේ වැඩසටහන අමතමින් අග්‍රාමාත්‍යවරිය එසේ පැවසුවාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ  අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය,  අග්‍රාමාත්‍ය  ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙසේද සඳහන් කළාය.

"මේක අපි සියලු දෙනාට ලැබෙන ඓතිහාසික අවස්ථාවක්.  ලෝකයට ගැලපෙන ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන්න අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හරහා අපිට හැකි වෙනවා. සියලු  දරුවන්ට පාසල් අධ්‍යාපනය අවසන් කරනවිට රැකියාගත වෙන්න පුලුවන් විදිහට NVQ සහතිකයක් හිමි වෙනවා. 

පවතින අධ්‍යාපන ක්‍රමය තුළ දරුවන් රැකියාවට යනවිට කියන්නේ කුසලතා පුර්ණය කරලා නෑ කියලා ඒ නිසා  විශ්වවිද්‍යාලවලට සිදු වෙලා තිබෙන්නේ මෘදු කුසලතා සංවර්ධනය කරන්න.  ඒක කරන්න ඕන පාසල්වලින්" ඇය සදහන් කළාය.

9 වසරේ සිට දරුවන්ට තමන් ඉදිරියේදී කරන්න ඕන වෘත්තීය මොකක්ද කියලා තීරණය කරන්න ඒ වෙනුවෙන් අත්දැකීමක් ලබා ගන්න අවස්ථාවක් නව ප්‍රතිසංස්කරණයෙන් ලැබෙනවා.  වසර 11ක් හෝ 13ක් අධ්‍යාපනය ලබලා  පාසලෙන් ඉවත්වන දරුවන්ට අවශ්‍ය නම් රැකියාවක් කරන්නත් පුලුවන්, අවශ්‍ය නම්  උපාධිය හදාරන්නත් අවස්ථාව තිබෙනවා. කැමතිනම් රැකියාව කරන ගමන් උපාධිය හදාරන්නත් අවස්ථාව තිබෙනවා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ විෂය නිර්දේශය පමණක් නෙමෙයි පාසල් යටිතල පහසුකම් සංවර්ධනය කරන්න, ගුරුවරුන් පුහුණු කරන්න, ප්‍රතිසංස්කරණය පිලිබඳ ජනතාව තුළ කතිකාවක් ඇති කරන්නත් කටයුතු කරනවා.

යටිතල පහසුකම් සංවර්ධනය කරන්න මේ වසරේ වෙන්කර ඇති මුදල් නිසි පරිදි යොදා ගන්න. ඒ වගේම දුෂ්කර පාසල් සංවර්ධනය කිරීමට තෝරා ගැනීමේදී ගමේ කමට හෝ හිතවත් කමට තෝරගන්න එපා. නිසි ක්‍රමවේදයකට තොරාගෙන දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අනුමැතිය ඇතිව සිදු කරන්න. දුෂ්කර පාසල්වල දරුවන් දුෂ්කර ගම්වල හිරකරගෙන ගුණාත්මක අධ්‍යාපනය ලබා දෙන්න බැහැ. 

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු වලදි අධ්‍යාපන අමාත්‍යංශයත් පළාත්සභාවත්, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් වගේම කළාප කාර්යාල, කොට්ඨාස අධ්‍යාපන  කාර්යාල ඒකාබද්ධව සහයෝගය දෙන ලෙසද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර,  විදේශ කටයුතු  හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන,එස් කුගනාදන්, අධ්‍යාපන,  උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව යන මහත්වරුන්, අධ්‍යාපන අමාත්‍යංශය, විභාග දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය,  පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, නියෝජනය කරන නිලධාරීන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 



අදහස් (1)

දුෂ්කර පාසල් සංවර්ධනය කිරීමේදී හිතවත්කමට අවස්ථාව දෙන්න එපා

ANURADHA Monday, 14 July 2025 12:47 PM

අම්මලාගේ තාත්තලාගේ සල්ලි කන ප්‍රින්ට් අවුට් ගැනිල්ල නතර කරන්න විදියක් හදලා දෙන්න පුලුවන් නම්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 39 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 32 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 438 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site