(නිමල කොඩිතුවක්කු)
ආපදා තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක පවුල් 187 කට අයත් පුද්ගළයින් 685 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙයට අමතරව පුත්තලම දිස්ත්‍රික්කයේ මාරවිල සහ හලාවත ප්‍රදේශවල දියේ ගිලීමෙන් පුද්ගළයින් සිවු දෙනෙකු මියගොස් එක් අයෙකු අතුරුදන්ව ඇති බවත් එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
ආපදා තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමක් මන්නාරම දිස්ත්‍රික්කයට බලපා ඇති අතර එහි පවුල් 123 ක පවුල් 460 ක් පීඩාවට පත්ව සිටිති.
ත්‍රිකුණාමලය, පුත්තලම සහ ගාල්ල දිස්ත්‍රික්ක වලටද ඉන් බලපෑම් එල්ල වී ඇති බවත් ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසයි.
මේ හේතුවෙන් නිවාස 177 කට අර්ධ හානි සිදුව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අධික වර්ෂාව, ගස් කඩා වැටීම්, තද සුළං, ඇතුළු තත්වයන් හේතුවෙන් මෙම බලපෑම් එල්ල වී ඇතැයිද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
දිස්ත්‍රික්ක හතරකට වැස්සෙන් පීඩා