IMG-LOGO

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා


දරුවෙක් රටින් පන්නන්න ගිය දෙදෙනකුට වැඩ වරදි

 

 

(ටී.කේ.ජී.කපිල )

දැනට එංගලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකික මවකගේ සහ ඇයගේ පුතාගේ තොරතුරු අනුසාරයෙන් ව්‍යාජ ලියකියවිලි සකස් කර වෙනත් කාන්තාවක යොදා ගෙන 17 හැවිරිදි පිරිමි දරුවෙකු එරටට රැගෙන යාමට ගත් උත්සාහයක් ව්‍යයර්ථ කර මෙම ජාවාරමට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මුලතිව් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් , පිරිමි දරුවෙකු ද සමග ‍ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 503 දරන ගුවන් යානයෙන් එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

සිය ගුවන් සේවා නිශ්කාශන කටයුතු සිදු කර ගැනීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවා කවුළුව වෙත පැමිණ සිටියදී , එම ගුවන් සේවා නිලධාරිනියන්ට මෙම ලියකියවිලි පිළිබඳව ඇති වූ සැකය මත මොවුන් දෙදෙනා ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .

එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම් වල දී මෙම ලියකියවිලි කූඨ ලෙස සකස් කළ ඒවා බව තහවුරු වී තිබේ .

ඉන්පසුව මෙම පිරිමි දරුවා පසෙකට රැගෙන ගොස් මේ පිළිබඳව විමසීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබූ අතර , එහිදී මෙම දරුවා මේ පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කර ඇති අතර , ඔහුගේ සත්‍ය මව මේ වනවිටත් කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ රැදී සිටින බව ද මෙම නිලධාරීන් හමුවේ පවසා තිබේ .



අදහස් (4)

දරුවෙක් රටින් පන්නන්න ගිය දෙදෙනකුට වැඩ වරදි

Nimal Monday, 29 April 2024 12:39 PM

අපරාදේ, ඒ ළමයාගේ අනාගතේ හොඳ වෙන්න ගිය එකත් ඉවරයි...!

:       12       28

එරංගMonday, 29 April 2024 01:55 PM

යූ ටියුබයෙන් හා චිත්‍රපටවලින් පමණක් එංගලන්තයට ගිය අයට ඔවැනි සිතිවිලි පහළ වීම අරුමයක් නොවෙයි...

:       1       3

Prabha Monday, 29 April 2024 03:14 PM

ඔය මොනවා කරත් වැඩක් නෑ .හරි කෙනාට ගාන දුන්නානම් කටුනායකින් හඳට යන්න පුළුවන්

:       1       17

දරයා Monday, 29 April 2024 09:05 PM

අපරාදේ කොල්ලට යන්න පුලුවන් උනානම් මරු...

:       2       5

ඔබේ අදහස් එවන්න

දියත

මහමඟදී පහරදී ඝාතනය කරලා:අයෙක් සැකපිට
2024 මැයි මස 16 20 0

හෝකන්දර හොරහේන ප්‍රදේශයේ තරුණයෙකුට පහර දී ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් එක් අයෙකු අද (16) සැකපිට අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි


ව්‍යාජ නෝට්ටු සමඟ අයෙක් අත්අඩංගුවට
2024 මැයි මස 16 25 0

රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු නවයක ළග තබාගත් සැකකරුවෙකු වීරකැටිය මැදමුලන ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි .


නිවස කොල්ල කා පනින්න බැරිවෙයි
2024 මැයි මස 16 159 0

පාදුක්ක මාවතගම ප්‍රදේශයේ අබලි යකඩ ද්‍රව්‍ය එකතු කිරීමේ වෙළදසැලකට කඩු සහ මන්න අතැතිව එහි සිටි හිමිකරුගේ බිරිඳට සහ සේවකයෙකුට කැපුම් තුවාල සිදු කර මුදල


අද සවසත් තදින් වැස්ස
2024 මැයි මස 16 218 0

දිවයින ආශ්‍රිතව පහළ වායු ගොල්ලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බැවින් දිවයින පුරා වැසි තත්තවය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපා


නරියාකන්ද අනතුරේ තවත් දැරියක් මරුට
2024 මැයි මස 16 637 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරඟය අතරතුරේ හසිදු වූ මෝටර් රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 16 හැව


සිසුන් ලක්ෂ හයක් උදේට හාමතේ
2024 මැයි මස 16 308 0

පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6 ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව හෙළිවූ බව පාටලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රම සහ විධි පිළිබඳ පා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 723 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2250 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1931 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site