
තම දියණිය පිළිකාව පරාජයට පත්කිරීමෙන් දවසකට පසු ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක ලොතරැයියක් ජයග්‍රහණය කළ කාන්තාවක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඇමෙරිකාවේ ලේක්ලන්ඞ් නගරයේ ජෙරල්ඩීන් ගිම්බ්ලට් ඇය ඉතිරි කරගත් සියලු දේ තම දියණියගේ පිළිකාව සනීප කිරීම සඳහා වියදම් කර තිබේ.ගිම්බ්ලට් තම දියණියගේ අවසන් ප්‍රතිකාර වටය ලබා දී ඇයව නිවස බලා රැගෙන යන අවස්ථාවේ ඉන්ධන පිරවුම් හලකට ගොඩ වැදී ඇති අතර එහි තිබූ අවසාන ලොතරැයිය ජෙරල්ඩීන් මිලදී ගෙන ඇත.
ජෙරල්ඩීන් මිලදී ගත් එම ලොතරැයියට ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක ත්‍යාගයක් හිමිව තිබේ.මෙම පුවත පිළිබඳ සමාජ මාධ්‍ය තුළ විශාල කතා බහක් ඇති වී ඇති අතර තම දරුවන් වෙනුවෙන් සියලු දේ කැපකරන දෙමාපියන් සියලු දෙනාට මෙවැනි ලොතරැයි ත්‍යාග ලැබිය යුතු බව එක් සමාජ මාධ්‍ය පරිශීලකයෙක් සටහනක් ද තබා ඇත.
(විමුක්ති එස් රුද්‍රිගු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තම දියණිය වෙනුවෙන් එය සතුව තිබූ මුළු සේසතම වියදම් කළ උදාර මවක්... නියම අම්මා කෙනෙකුගේ ආදරය මෙතෙකයි කියලා මනින්න අමාරුයි... වාසනාවන්ත පවුලක්...
ගොඩක් හොඳයි...
හැමෝටම නරක කාල, හොඳ කාල එනවා. මේ අම්මාගෙත් දුක් වින්ද කාලය ඉවර වෙන්නැති...
ලංකාවේත් ලෙඩ්ඩු අරන් ත්‍රීවිලර්වල යනකොට ලොතරැයි ඇදෙනවා. ඒ ඇදුණාම එක්කෝ ඉස්පිරිතාලේ... නැතිනම් මෝචරියේ...!