
(කාංචන කුමාර ආරියදාස)
මව පියා සමග දඹුල්ල කණ්ඩලම කුඹුක්කඳන්වල දුන්න බිඳුනු වැවේ දිය නාමින් සිටි වයස අවුරුදු 7 ක කුඩා දරුවකු කිඹුලෙක් ඩැහැගෙන ගොස් ඇතැයි සිගිරිය පොලිසිය කියයි.
කිඹුලා ඩැහැගෙන ගිය දරුවා සොයා පොලිසිය ජීවිතාරක්ෂක නිලධාරීන් මෙන්ම ගමේ පිරිස් එක්ව මෙහෙයුම් ක්‍රියාත්මක කොට ඇතැයි පොලීසිය කියයි.
මෙසේ කිඹුලා විසින් ඩැහැගෙන ගොස් ඇත්තේ කුඹුක්කඳන්වල ප්‍රදේශ්යේ පදිංචි දඹුල්ල කණ්ඩලම ඩී එස් සේනානායක විදුහලේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ චනුත් සත්සර නැමැති කුඩා දරුවෙකි.
දරුවාගේ පියා සඳහන් කළේ මෙම වැවේ කිඹුලන් සිටින නිසා බොහෝ දෙනකු දිය නෑම සිදු නොකරන්නේ නෑ. දින ගණනාවක සිට තම පුතා මෙම වැවෙන් දිය නෑමට අවැසි බව සඳහන් කිරීම් නිසා දරුවාගේ ආසාව ඉටු කිරීමට පළමු වතාවට මෙම වැවට දිය නෑම සඳහා පවුලේ සියලු දෙනා පැමිණි බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මා තාත්තා දැන දැන දරුවා අනතුරේ දමලා. දෙමාපියන් බුද්ධිමත් විය යුතුය .
නිවන් සුව ඉක්මනින් අවබෝධ වේවා!!! චූටි පුතාට.
නිවන් සුව ප්‍රාර්ථනා කරනවා මේ දරුවට...!