IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


දඹුලේ එළවලු හිඟයක්

(කාංචන කුමාර ආරියදාස ) 

 පවතින අහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය සියයට හැටකින් පහත වැටී ම් තිබෙන අතර  එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන්ගේත් සැලකිලිය  යුතු මට්ටමෙන්  අඩුවක් දක්නට ලැබෙන බවත් එළවළු මිලද සීග්‍රයෙන් පහත වැටෙමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය කියා සිටී

 වැස්ස නිසා ගුණාත්මක භාවයෙන් යුතු එළවළු   වෙළඳ මධ්‍යස්ථානයට නොලැබීම හේතුවෙන් ඒවා අලෙවි නොවන නිසාවෙන් මේ තත්ත්වය උදාවී තිබෙන බවත් ඉදිරි කාලය තුළ එළවළු ලැබීම මීටත් වඩා පහත මට්ටමක පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ ලේකම් අයි ,ජි .විජේනන්ද   මහතා  වැඩිදුරටත් සඳහන් කර සිටි.

 ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට  පිට පළාත්වලින් ලැබෙන එළවළු මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවලින් ලැබෙන එළවළු ප්‍රමාණය විශාල වශයෙන් අඩු වී තිබෙන බවද පෙන්වා දෙන ලේකම්වරයා එලවලු කොටු වර්ෂාව සමඟ විනාශ වී යාම එළවළු අස්වනු නෙළීමේ අවස්ථාද අහිමිවීම නිසා මේ තත්ත්වය උදා වී තිබෙන බවද   මධ්‍යස්ථානය තුළ  කැරට්  ලිස් කිලෝ එකක තොග මිල රු 100 ත් 140 ත් මිලකට සෙමෙන් අලවි වන බව කියයි

 පහතරට එළවලු බොහොමයක් වෙළදපලේ දක්නට නොමැති තරම් බව පෙන්වා දෙන ඒ මහතා  එළවළු  සිල්ලර මිල ඉහල යා හැකි බව පෙන්වා දුන්නේය

     ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය   බෝංචි කිලෝවක් රුපියල් 400ත් 420ත් අතර මිලකට අලෙවි වන බවත් කැරට් සහ ලීස් කිලෝවක් රුපියල් 130 ත් 140  අතර මිලකට අලවන බවත් වට්ටක්කා කිලෝවක් රුපියල් සියයකටත් අමු මිරිස් කිලෝ එකක් රුපියල් 250ක  මිලකට අලෙවිවීම සිදුවන බවද එම යම් මට්ටමකින් මිල ඉහළ ගියද ඒවා අලෙවි කර ගැනීමට වෙළෙන්දන් නොමැති බව   වැඩිදුරටත් පෙන්වා දුන්නේය



අදහස් (0)

දඹුලේ එළවලු හිඟයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 18 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1543 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1673 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site