
දකුණු ගාසාවේ හමුදා මෙහෙයුම්වල නියැලී සිටි සොල්දාදුවන් සියලු දෙනා ඉවත් කර ගැනීමට ඊශ්‍රායලය පියවර ගෙන ඇත. ඒ, ඊශ්‍රායල හමාස් යුද්ධය ආරම්භ වී මාස 6 ක් ගත වෙද්දීය.
ඊශ්‍රායල හමාස් යුද්ධය ආරම්භ වූයේ පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා, හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට කඩා වැදී එල්ල කළ ප්‍රහාරයකින් පසුවය. එම අවස්ථාවේදී හමාස් සටන්කාමීන් ප්‍රාණඇපයට ගත් ඊශ්‍රායල වැසියෝ 130 ක් පමණ ගාසා තීරයේ හමාස් ග්‍රහණයේ පසුවෙති.
ඊශ්‍රායල හමුදා ගුවනින් සහ ගොඩබිමින් ගාසා තීරයට පහර දීම ආරම්භ කළේ ප්‍රාණඇපකරුවන් මුදා ගනිමින්, හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමේ අරමුණ ඇතිවය.
දකුණු ගාසාවෙන් හමුදා ඉවත් කර ගැණුනත්, ගාසා තීරයේ සෙසු පළාත්වල හමුදා මෛහයුම් දිගටම සිදුවෙමින් පවතින බව ඊශ්‍රායල හමුදා පවසයි. ඊශ්‍රායල හමුදා දකුණු දිග ගාසා තීරයේ මෙහෙයුම් අවසන් කර ඇත්තේ, ඔවුන්ට ලැබුණු බුද්ධි තොරතුරු පාදක කර ගනිමින් යැයි පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයට අවශ්‍යවී ඇත. තව ටික කාලයකින් නැගෙනහිර ගාසාතිරයක් වීමේ ලකුණු ඇත.