
දකුණු කොරියාවේ මධ්‍යවාර පාර්ලිමේන්තු මහ මැතිවරණය ආරම්භ විය.
මෙය වත්මන් ජනාධිපති යූන් සුක් යෝල්ගේ ජනප්‍රියත්වය උරගා බැලීමට පැවැත්වෙන ජනමත විමසුමක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
යූන් සුක් යෝල් නියෝජනය කරන්නේ ‘පීපීපී’ හෙවත් ජනතා බලය පකෂයයි. ඔහුට තවත් තෙවසරක් ජනාධිපති ධුරයේ රැඳී සිටී. ජනතා බලය පක්ෂයට අභියෝගයක් වී ඇත්තේ ප්‍රධාන විපක්ෂය ලෙස සැලෙකන ඩිමොක්‍රටික් පක්ෂයයි.
දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂයටය. එහෙයින්, පසුගිය කාලයේ ජනාධිපති යූන් සුක් යෝල් ට පනත් කෙටුම්පත් සම්මත කර ගැනීම ගැටලුවක් විය.
මේවනවිට දකුණු කොරියාව ප්‍රධාන වශයෙන් ගැටලු 3 කට මුහුණ දෙයි. ඉහළ යන ආහාර මිල, වැඩිහිටි ජනගහනය වර්ධනය සහ වෛද්‍ය වර්ජනය එම ගැටලු 3 බව පැවැසෙයි. මේ හේතුවෙන් ජනාධිපති යූන් සුක් යෝල්ග් ජනප්‍රියත්වය අඩු වෙමින් පවතී.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුරයියා ගියනිසා මේ ඡන්දයෙන් එහෙත් වෙනසක් වෙන්න ඉඩ තියෙනවා...