IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


තැපෑලට ඉදිරි පිම්මක් ගන්නවා

(අංජුල මහික වීරරත්න)

නවීන තාක්ෂණය ද උපයෝගී කරගනිමින් මෙරට තැපැල් සේවාව නව්‍යකරණය වූ කාර්යක්ෂම, විශ්වාසනීය තැපැල් සේවාවක් ලෙස ගොඩනැගීම රජයේ සැලසුම බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න මෙනවිය පැවසුවාය.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් රියදුරු (විවෘත) තනතුරු 36 සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය මම තමයි නියෝජ්‍ය අමාත්‍යවරිය මේ බව කීවාය.

 නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේ දී මෙය පැවැත්විණි.

ප්‍රාථමික ශිල්පීය නිලධර ගණයේ III වන ශ්‍රේණියේ තැපැල් රියදුරු (විවෘත) තනතුරු 40 සම්පූර්ණ කිරීම සඳහා  පසුගිය ජුනි මාසයේ නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අනූව අයදුම්පත් 1500කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවට ලැබී තිබුණු අතර එම අයදුම්කරුවන් ප්‍රායෝගික පරීක්ෂණයකට සහ සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයකට  යොමුකර ඊට අදාල සුදුසුකම් නිසි අයුරින් සම්පූර්ණ කල  36 දෙනෙකු සදහා මෙම පත්වීම් ලිපි ලබා දීමට පියවර ගෙන තිබුණි.

තැපැල් දෙපාර්තුමේන්තුවේ භෞතික හා මානව සම්පත් සංවර්ධනයට පියවර ගෙන ඇති බව ද ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරිය  මෙහි දී පැවසුවාය. 

මෙරට ක්‍රියාත්මක තැපැල් සේවාව වසර 200 කට අධික දීර්ඝ ඉතිහාසයකට උරුමකම් ඇති බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරිය තැපෑල සංවර්ධනයෙන් ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රවර්ධනයට ද රුකුලක්  ලැබෙන බව ද  පැවසුවාය.



අදහස් (0)

තැපෑලට ඉදිරි පිම්මක් ගන්නවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 75 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 909 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2532 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site