IMG-LOGO

තායිලන්ත කාම්බෝජ සාකච්ඡා ඇරඹේ

දේශසීමා ගැටුම් නවත්වා, කඩිනමින් සටන් විරාමයකට යෑමේ අරමුණින්, තායිලන්ත සහ කාම්බෝජ නායකයන් අතරේ, මැලේසියාවේ ක්වාලාලාම්පූර් අගනුවරදී සාකච්ඡා ආරම්භ විය.

තායිලන්තය සහ කාම්බෝජය අතරේ, සිවු දිනක් පුරා පැවැති අවි ගැටුම්වලින්, 33 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අවි ගැටුම් ආරම්භ වූයේ පසුගිය 24 වැනිදාය.

ගැටුම් උත්සන්න වෙද්දී, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට මැදිහත් විය. ගැටුම් වහා නවත්වන ලෙස ට්‍රම්ප් තායිලන්තයටත්, කාම්බෝජයටත් තර්ජනය කළේය.

එසේ නොකරන්නේ නම්, තීරු බදු සම්බන්ධයෙන් වියට්නාමය සහ කාම්බෝජය සමඟ කිසිදු ගනුදෙනුවක් ඇති කර නොගන්නා බව ද ට්‍රම්ප් පැවැසීය. එසැණින්, සටන් විරාමයකට යෑමට තායිලන්තය සහ කාම්බෝජ නායකයෝ කැමැත්ත පළ කළහ.

ඒ අනුව, මැලේසියා රජයේ අනුග්‍රහය යටතේ, එරට ක්වාලාලාම්පූර් අගනුවර දී සාකච්ඡා පැවැත්විණි. සාකච්ඡා සඳහා පිටත්ව යෑමට සූදානම් වෙද්දී, කාම්බෝජ අග්‍රාමාත්‍ය හුන් මනෙත් මාධ්‍ය හමුවේ පැවැසුවේ, කඩිනම් සටන් විරාමයකට කාම්බෝජය කැමැති බවය.

තායිලන්තයේ වැඩ බලන අග්‍රාමාත්‍ය පුම්තාම් වෙචායචායි ද ක්වාලාලාම්පූර් බලා පිටත් වීමට සූදානමින් වෙමින් කියා සිටියේ සටන් විරාමයකට තායිලන්තය ද සූදානම් බවත්, කාම්බා්ජය සටන් විරාමයකට එකඟවීම සතුටට කාරණාවක් බවත්ය.

තායිලන්තය සහ කාම්බෝජය අතීතයේ හැඳින්වූයේ සියම සහ ක්‍රෙමර් අධිරාජ්‍යය යනුවෙනි. මෙම රටවල් දෙකම ථේරවාද බෞද්ධ රටවල්ය. තායිලන්තය සහ කාම්බෝජය අතරේ දේශසීමා අර්බුදයක් පවතින්නේ, දෙරට අයිතිය ඉල්ලන ‘තා මෝන් තෝම්’ නමැති පුරාණ හින්දු කෝවිලක් මුල්කොට ගනිමිනි. 11 වැනි සියවසට අයත් මෙම කෝවිල සම්බන්ධ මෙම ගැටලුව, 1962 දී අන්තර්ජාතික අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර, අධිකරණය, ‘තා මෝන් තෝම්’ කෝවිල කාම්බෝජයට අයත් බවට තීන්දුවක් ලබා දුන්නේය. එම තීන්දුවෙන් පසුව ද දේශසීමා අර්බුදය සම්පූර්ණයෙන්ම සමථයකට පත් නොවිණි.

කෝවිල අවට ප්‍රදේශයේ සීමා නිර්ණය පිළිබඳව තායිලන්තය සහ කාම්බෝජය අතර මතභේද දිගින් දිගටම පැවැතිණි. නටබුන් වී ගිය ‘තා මෝන් තෝම්’ කෝවිල 2008 දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කිරීමත් සමඟ අර්බුදය නැවතත් උත්සන්න විය. දෙරට හමුදා අතරේ අවි ගැටුම් පැවැතිණි. අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම සිදුවුවත්, එය සම්පූර්ණයෙන් විසඳා ගැනීමක් සිදු නොවිණි. පසුගිය 24 වැනිදා දේශසීමා ගැටුම් ඇවිලී ගොස් දෙරට අතරේ යුදමය තත්ත්වයක් නිර්මාණය වූයේ ඒ අනුවය.



අදහස් (0)

තායිලන්ත කාම්බෝජ සාකච්ඡා ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 20 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 183 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 506 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site