IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


තාඹුගල වරද පිළිගනී

(රෝෂන් තුෂාර)

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වැට් බදු වාර්තා ඉදිරිපත් නොකිරීමේ චෝදනාවට වරද පිළිගත් අවුරා ලංකා හර්බල් සමාගමේ සභාපති විරංජිත් තාඹුගල විත්තිකරුට රුපියල් 25000 දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මහාරච්චි මහතා අද (25) නියම කළේය.

එකතුකළ අගය මත බදු (වැට්)වාර්තා 2019 වර්ෂයේ තුන්වෙනි කාර්තුව සඳහා නිසි පරිදි ඉදිරිපත් නොකිරීමේ චෝදනාව යටතේ දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවරූ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම දඩ මුදල් නියම කළේය.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී තාබුගල මහතා අධිකරණයේ පෙනී සිටි අතර අදාළ චෝදනාවට වරද පිළිගන්නා බව ඔහුගේ නීතිඥවරයා පැවසීය.

දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් නීතිඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා විත්තිකරු නඩුවේ චෝදනාවට වරද පිළිගත් හෙයින් රුපියල් විසි පන්දහසක දඩයක් නියම කළේය.

 



අදහස් (0)

තාඹුගල වරද පිළිගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 111 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 195 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1058 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site