(බී.ජී.චතුරංග, උපාලි ආනන්ද සහ දයාරත්න ඇඹෝගම)
තලාව ජයගඟ ප්‍රදේශයේ අද දහවල් සිදු වූ අනතුරින් උසස් පෙළ සිසුවකු මියගොස් තවත් 46 දෙනකු තුවා ලබා ඇතැයි පොලිසිය කියයි.
තලාව සිට 411 ගම්මානය දක්වා ධාවනය වූ පෞද්ගලික බසයක් ගං ඉවුරෙන් පහළට පෙරලීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරට පත් වූ බසයේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන්, පාසල් දරුවන් වෙනුවෙන් තලාවේ පැවැත් වූ සම්මන්ත්‍රණයකට සහභාගී වූ සිසුන් මෙන්ම ගම්වාසීන්ද ගමන් කර ඇත.
තුවාල කරුවන්ගෙන් 37 දෙනකු අනුරාධපුර රෝහලට මාරු කර යවා ඇති අතර ඉන් සිවු දෙනකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.තවත් තුවාලකරුවන් 10 දෙනකු තලාව රෝහලේ ප්‍රතිකාර ලබයි.
අනතුර වන අවස්ථාවේ බස් රථයේ මගින් 60 දෙනකු පමණ ගමන් කර ඇතැයි ද පොලිසිය කියයි.





--------------------------------------------------------------
තලාවේ ලොකු අනතුරක්
(උපාලි ආනන්ද, බී.ජී.චතුරංග සහ දයාරත්න ඇඹෝගම)
තලාව ජයගඟ ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට පත්වීමෙන් කීප දෙනකු මියගොස් 20ක් පමණ පිරිසක් තුවාල ලබා ඇතැයි තහවුරු නොවූ පුවත් වාර්තා කරයි.
තලාව සිට 411 ප්‍රදේශයේ සිට ධාවනය කළ බස් රථයක් අනතුරට ලක් වී ඇත. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයෙන් 50ක් පමණ පිරසික් ගමන් කර අත.
තුවාලකරුවන්ගෙන් කීප දෙනකුගේ තත්වය බරපතල බව ද රෝහල් ආරචි මාර්ග කියයි.
තුවාලකරුවන් අතර අපෙස උසස් පෙළ විභාගයට අද පෙනී සිට ආපසු නිවෙස් බලා යමින් සිටි සිසු සිසුයන් පිරිසක් ද සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
2025 නොවැම්බර් මස 04
489
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2232
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1672
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තලාවේ අනතුරින් 46කට තුවාල- සිසුවෙක් මරුට