IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


තලවකැලේ ප්‍රා.ලේ.කාර්යාලයේ විරෝධතාවක්

(ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ)

තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා ඉඩකඩ සහිත ගොඩනැගිල්ලක් ලබා දෙන ලෙස ඉල්ලමින් එහි සේවකයෝ අද (29) විරෝධතාවයක නිරත වූහ.

තම කාර්යාලයේ ගොඩනැගිලි තුළ පවතින ඉඩකඩ සීමා වීම හේතුවෙන් මෙහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව මෙන්ම එහි සේවයේ නිරත තමන් දෛනිකව දැඩි අපහසුතාවයන්ට හා විවිධ දුෂ්කරතාවයන්ට ලක්ව සිටින බව  සේවකයෝ පවසති.

දෛනිකව මෙහි සේවය ලබා ගැනීමට විශාල පිරිසක් පැමිණෙන බවත්, කුඩා ඉඩක් ඇති උඩු මහලට එවැනි විශාල පිරිසක් පැමිණීමේදී තමන්ට නිසි පරිදි හුස්ම   ගැනීමට පවා නොහැකිවීමෙන් නිසි පරිදි රාජකාරි කටයුතු සිදු කිරීම අපහසුව ඇති  බව විරෝධතාවේ නිරත සේවකයෝ සඳහන් කරති.

තම ආයතනයට සේවය ලබා ගැනීමට වයසක පිරිස්, ගැබිනි මව්වරුන් ආබාධිතයන් පැමිණෙන බවත්, කාර්යාලයේ ඔවුන්ට අසුන් ගැනීමට මෙන්ම වැසිකිළි පහසුකම් නොමැති වීමෙන් එම ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට ලක්ව සිටින බවද සේවකයෝ පවසති.

ග්‍රාම සේවා වසම් 34ක දස දහසකට අධික විශාල පිරිසක් මෙහි සේවය ලබා ගැනීමට දෛනිකව පැමිණෙන බවත්, තම සේවා වාරය එන තුරු ඔවුන්ට රැඳී සිටීමට පවා ස්ථානයක් නොමැති වී ඇතැයි එහි විරෝධතාවයේ නිරතව සිටි සේවකයෝ පෙන්වා දෙති.

 



අදහස් (0)

තලවකැලේ ප්‍රා.ලේ.කාර්යාලයේ විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site