IMG-LOGO

තලවාකැලේ තවත් දෙදෙනක් ස්වයං නිරෝධායනයට

(ශාන්ත චන්ද්‍රසිරි)

කොරෝනා වයිරසය පැතිරීයාමේ අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති ප්‍රදේශවලින් පැමිණ තලවකැලේ, හේමචන්ද්‍ර මාවතේ සැඟව සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද (02) ඔවුන් රැඳී  සිටි නිවාසයේම ස්වයං නිරෝධායනයට ලක් කිරීමට  මහජනසෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තේය.
 
පුත්තලම  පදිංචි පුද්ගලයෙකු හා කොළඹ සේවය  කරන ලද පුද්ගලයෙකු  තලවකැලේට පැමිණ මෙසේ තොරතුරු වසන් කොට සැඟව සිටින බවට පොලිස් බුද්ධි අංශ හා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට  ලද තොරතුරු මත ඔවුන් සොයා ගැනීමෙන් පසුව මෙසේ දින 14 ක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත්බව තලවකැලේ -ලිඳුල මහජන සෞඛ්‍ය පරීක්ෂක ලක්මාල්ද සිල්වා මහතා පැවැසීය.
 
කොටගල මහජන සෞඛ්‍ය පරීක්ෂක සෞන්දර් රාගවන් මහතා සමග එක්ව මෙම නිරෝධායන කටයුතු සිදු කරන ලද බවත්, තලවකැලේ -ලිඳුල නගර සභා බල ප්‍රදේශය තුල  මේ වනවිට පුද්ගලයන් හත් දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කොට ඇති බවද ඒ මහතා කීය.
 
කොළඹ හා වෙනත් ප්‍රදේශවල සිට උඩරට වතුකරයේ බොහෝ ප්‍රදේශවලට පුද්ගලයන් පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, එසේ පැමිණ සිටින පිරිස් කඩිනම්න් වගකියුතු අංශවලට  දැනුම්දීමට පියවර ගන්නා ලෙස ඔවුන්ගෙන් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ නිලධාරීන් ඉල්ලා සිටී.


 



අදහස් (0)

තලවාකැලේ තවත් දෙදෙනක් ස්වයං නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 277 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 449 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site