IMG-LOGO

තරුණ පිරිසට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවිමක්

තරුණ  තරුණියන්ට කොරෝනා  වයිරසය ආසාදනය නොවන බවට මිත්‍යා මතයක් සමාජගත වී තිබීම හේතුවෙන් ලොව පුරා තරුණ තරුණියන් කොරෝනා වයිරසය සම්බන්ධ අනතුරු ඇඟවීම් නොසලකා හරින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

වයිරසය ආසාදනය නොවුවද ඕනෑම පුද්ගලයෙක් ඔස්සේ එය අනෙක් අයට පැතිරීමට ඉඩ ඇති බැවින් නොසැලකිලිමත් තරුණ තරුණියන් විසින් "වෙනත් අයගේ ජීවිතය හෝ මරණය" තීරණය කරනු ඇතැයිද එම සංවිධානය අනතුරු අඟවයි.

තරුණ වයසේ පුද්ගලයන්ට ද වයිරසය ආසාදනය වීමට හැකි බැවින් අවදානමට ලක්විය හැකි පුද්ගලයන් සමග සමාජ ඇසුර අවම කරමින් රෝග කාරක වැඩිහිටියන් අතර පැතිරීම පාලනය කළ යුතු බව එම සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරයි.

ජිනීවාහි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රොස් මහතා මෙසේ පැවසීය: "වැඩිහිටියන් වඩාත්ම පීඩාවට පත් වුවද, තරුණයින්ට ද මෙයින් ගැලවීමක් නැත. මට යෞවනයන් සඳහා පණිවිඩයක් තිබේ.

මෙම වෛරසය ඔබව සති ගණනක් රෝහල් ගත කිරීමට හෝ ඔබව මරා දැමීමට පවා ඉඩ ඇත. ඔබට අසනීප නොවුවද ඔබ යන එන තැන වෛරසය ව්‍යාප්ත වීමේ හැකියාව ඇත."

අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයින්ට වෛරසය ආසාදනය විය හැකි බවයි. නමුත් එය විශේෂයෙන් වයස්ගත පුද්ගලයින්ට සහ කල්පවත්නා රෝගාබාධ ඇති අයට භයානක ය.

ඉතාලියේ කොවිඩ් -19 රෝගයෙන් මියගිය අයගේ සාමාන්‍ය වයස අවුරුදු 78.5කි.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, චීනයේ වයස අවුරුදු 50 ට අඩු රෝගීන්ගෙන් 1% ක් පමණ මිය ගියේය. නමුත් එය වයස අවුරුදු 80 ට වැඩි අයගෙන් 15% කට පමණ මාරාන්තික විය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය මරියා කෙර්කොව්  පැවසුවේ, “මිනිස් සබඳතා අපට අවශ්‍යයි. එබැවින් ඒ සඳහා ක්‍රම සොයන්න, අන්තර්ජාලය හරහා සහ විවිධ සමාජ මාධ්‍ය හරහා සම්බන්ධතා පවත්වා ගැනීමට මාර්ග සොයා ගන්න. මන්දයත් මෙවැනි අවස්ථාවක ඔබේ මානසික සෞඛ්‍යය ඔබේ ශාරීරික සෞඛ්‍යයට මෙන්ම වැදගත් වන බැවිනි."


(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

තරුණ පිරිසට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවිමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 945 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1325 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site