(අංජුල මහික වීරරත්න)
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාපිත A ශ්‍රේණියේ එකම මූලික රෝහල වන තඹුත්තේගම මූලික රෝහල සඳහා තට්ටු හයකින් සමන්විත හදිසි අනතුරු සහ ප්‍රතිකාර ඒකකයක් කඩිනමින් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අදියර දෙකකින් ඉදිකිරීමට යෝජිත මෙම ඒකකයේ පළමු අදියර සදහා මුදල් ප්‍රතිපාදන එළැඹෙන අයවැයෙන් වෙන් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව කීවේ තඹුත්තේගම මුලික රෝහලේ විශේෂ නිරීක්ෂණයක නිරත වීමෙන් අනතුරුව පැවති සාකච්ඡාවේ දී අදහස් දක්වමිනි.
තඹුත්තේගම මුලික රෝහල යම් නිශ්චිත සංවර්ධන සැලැස්මක් යටතේ සංවර්ධනය කර ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට ගුණාත්මක, ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබා දීමට අදහස් කරන බව අමාත්‍යවරයා කීය.
රෝහලේ භෞතික සම්පත් සංවර්ධන කටයුතු සිදුකිරීම සදහා මධ්‍යම රජයෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කර සිටියේ ය.
රෝගී ප්‍රතිකාර සේවාවන් විධිමත්ව සිදු කිරීම සදහා රෝහලට අවශ්‍ය වන වෛද්‍ය උපකරණවල ලේඛනයක් කඩිනමින් තමන් වෙත ලබා දීමට කටයුතු කරන ලෙසට අමාත්‍යවරයා මෙහි දී වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් ජයකොඩි මහතා වෙත උපදෙස් දුන්නේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
තඹුත්තේගම රෝහලට තට්ටු හයක ප්‍රතිකාර ඒකකයක්
sene Sunday, 15 June 2025 12:29 PM
බාලගිරි දෝෂය සෑම දේ අද නොවේ හෙට, අපට කවදා හෙටක් උදා වේද?
Iran Sunday, 15 June 2025 01:17 PM
අපිටත් තියෙන්නේ අපේ පැත්තෙන් කෙනෙක් හරි සෞඛ්‍ය ඇමැතියෙක් හරි පත් කරගන්න. අපිටත් හම්බවෙයි පොලොන්නරුවට, හම්බන්තොටට, කළුතරට, බදුල්ලට තඹුත්තේගමට වගේ...
Gavin Sunday, 15 June 2025 01:49 PM
වෙන කවුරුහරි මේක කළා නම් බලන්න තිබ්බා ජෙප්පන් කියන දේවල්...
ජයරත්න Sunday, 15 June 2025 03:27 PM
මෙම රෝහල සංවර්ධනය කිරීම තුළින් අනුරාධපුර රෝහලේ පීඩනය අඩුකර ගැනීමට පුළුවන් වෙයි. හොඳ වැඩක්...
de silva Sunday, 15 June 2025 03:35 PM
අලුත් ඉස්පිරිතාල හදන්න මුදල් වැය කරන්න කලින් තිබෙන ඉස්පිරිතාල වලට අවශ්‍ය බෙහෙත්, වෛද්‍ය උපකරණ සහ දොස්තර හිඟය නැති කරන්න කටයුතු කරන්න.. රටපුරාම නිකන් ගොඩනැගිලි පමණක් ඉදිකරලා ඵලක් නැහැ... වෛද්‍යවරු සහ බෙහෙත් නැතිනම්...
සුදු ඇඳගෙන කලු ඇවිදින් Sunday, 15 June 2025 04:58 PM
ඊළඟ ජනාධිපති මොණරාගලින් පත් කරමු.
ගුණරත්න Sunday, 15 June 2025 06:11 PM
කලින් ආණ්ඩු කළ දේම මුනුත් කරනවා. පචයෝ නේ, ඉතින් ලැජ්ජාවක් නැතිව තව මිනිස්සු අන්දන්න පුළුවන්. අර සීනි බදු වංචාවේ දැන් කිසිම අවුලක් වෙලා නැහැ කියන්නේ? එත් මුන් ඕක කොයිතරම් විකිනුවද මිනිස්සු රවට්ටන්න? පාස්කු ප්‍රහාරයත් ඒ වගේ.