
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ඩෙංගු අධි අවධානම් තත්වය හේතුවෙන් සරසවි සිසුන් මුහුණ දෙන අවධානම් තත්වය අවම කර ගැනීම වෙනුවෙන් මොරටුව විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු ජූලි 07 දා සිට සති දෙකක කාලයක් සදහා වසා දමන බව මොරටුව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පවසයි.
මොරටුව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුන් ඩෙංගු රෝගයට ගොදුරු වීම සීඝ්රයෙන් වැඩිවීම නිසා මෙම පියවර ගෙන තිබේ.
ඒ අනුව ජූලි (07) දා සිට විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ අධ්යුහන කටයුතු නතර කර ඇති බවත් නේවාසික සිසුන් නේවාසිකාගාරවලින් ඉවත් කිරීම මේ වන විට සිදුකර ඇති බවත් පිටතින් කිසිදු සිසුවකු ඇතුළු කර ගැනීම නතර කර ඇති බවත් එහි පාලනාධිකාරීය වැඩිදුරටත් දන්වා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd