IMG-LOGO

2024 මැයි මස 20 වන සඳුදා


ඩයනාට විදේශ ගමන් තහනමක්

(රෝෂන් තුෂාර)

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විදේශගත වීම වළක්වමින් තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නිකුත් කළේය.

එක්සත් රාජධානියේ,ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික හෝ මොනයම් විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් විදේශ ගතවීම වළක්වමින් නිකුත් කළ  තහනම් නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත යොමුකිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ආගමන විගමන පාලකවරයාට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට එරෙහිව පවරා ඇති නඩුව ප්‍රකාරව මෙම තහනම නිකුත් කෙරිණි.



අදහස් (14)

ඩයනාට විදේශ ගමන් තහනමක්

BITTER TRUTH Thursday, 09 May 2024 12:59 PM

ආණ්ඩුව සහා බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත . මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ද කොමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහා රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRA , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි .මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහා රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි . පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු . මෙය පිළිබදව ඔබගේ පවුලේ උදවිය සහා මිතුරන් දැනුවත් කරන්න . (Share)

:       19       52

fairoos Thursday, 09 May 2024 01:07 PM

රනිල් ඉන්නකම් බයවෙන්න අවශ්‍ය නැහැ

:       8       31

sam Thursday, 09 May 2024 01:16 PM

මේ ගෑනි බොරු කෙලලා මෙච්චර කල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ,රාජ්‍ය ඇමතිවරියක් හැටියට නීති විරෝධීව භුක්ති විඳපු පඩි ,ඇතුළු අනික් පහසුකම් වලට වියදම් කල සෑම සතයක්ම අය කර ගත යුතුයි .ඒ සල්ලි ලංකාවේ ජනතාවට අයිති සල්ලි .මේ හෙර හොරා කාපුවා

:       2       72

අරවින්ද මොනරවිල Thursday, 09 May 2024 01:48 PM

මේවා සියල්ල ඇස් බැන්දුම්, බැසිල්, නාමල්, රෝහිත, ජොන්ස්ටන් වගේ ඩයනාත් නිදොස්කොට නිදහස් කරන්න රනිල් රාජපක්ෂ කල්ලිය පියවර ගනිවී. අන්තිමට කමෙන්ට් දැම්ම අපි වැරැදිකරුවන් වෙයි... රනිල්ගේ ඔන්ලයින් ඇක්ට් එකට අනුව...

:       4       16

ranjith Thursday, 09 May 2024 01:51 PM

තරාතිරම නොබලා උපරිම දඬුවම් ලබාදෙන්න. නොඑසේ නම් මෙ වැරැදි පූර්වාදර්ශයක් වේවි. වීසා නැතිව තවත් කෙනෙක් මෙහෙම හිටියොත් මොකද වෙන්නේ...?

:       2       13

Hafeel Thursday, 09 May 2024 02:28 PM

මෙයාට රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කරන්නයි කියලා ආරක්ෂක ලේකම් කෙනෙක් එවකට ආගමන විගමන පාලකවරයාට ලිඛිතව ඉල්ලීම් කරලා තිබුණා කියලා සමාජ ක්‍රියාකාර මහත්වරු කියා තිබුණා.

:       0       16

Kazi Shajahan Thursday, 09 May 2024 02:30 PM

ඩයනාට දැඩි දඬුවම් දෙන්න ඕනේ මෙච්චර කාලයක් මහජනයාගේ මුදලින් නඩත්තු වෙලා බොරු කළාට, ඇයගේ සියලු දේපළ රාජසන්තක කරලා, හිරේ තියලා, ලංකාවෙන් පිටමං කරවන්න ඕනෑ. ආයි මේ පළාතේ එන්න බැරිවෙන්න.

:       0       19

ජගත් ලියනගේ Thursday, 09 May 2024 02:32 PM

බලාගෙන ගියාම කරන්න පුළුවන් හැම දහජරා වැඩක්ම කරලා...

:       0       18

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 09 May 2024 02:39 PM

මේ කෙනා රටේ බදු ගෙවීම් කරන ජනතාවගේ කෝටි ගණන් ගිල දමා රටින් පැනලා, එයාව හදා වඩාගත් සුද්දාගේ රටට මාරු වෙන්න ඉස්සර අල්ලා, මහ උළු ගෙදරට තල්ලු කරලා, නඩුවක් අහන්න ඕනේ... රටින් හොරාගත් අන්තිම පිච්චිය දක්වාම අය කරගන්නා තෙක්...

:       0       14

සෙනෙවිරත්න Thursday, 09 May 2024 03:21 PM

Bitter true ඇත්ත , සමහර වෙලාවට අන්ලයික් කරන කමෙන්ට් දැක්කාම මොවුන් මිනිස්සුද කියලා හිතෙන තරමට මුග්ධයින්, තමන්ගේ රට විකුණන එකට එරෙහිව කතා කලත් ඩිස්ලයික්, තවත් හැම එකටම ජවිපෙ පටලනවා...!

:       2       19

පිටරටවැසියා Thursday, 09 May 2024 05:26 PM

පාර්ලිමේන්තුවට යන්නත් බෑ, එංගලන්තෙට යන්නත් බෑ. තණමල්විල මල් හේනකට තමයි යන්න වෙන්නේ.

:       1       14

chandima Thursday, 09 May 2024 11:52 PM

රට යවලා කොහොමද? බැරිවෙලාවත් දිනාගත්තොත් ආයෙත් රාජ්‍ය ඇමැතිකමක් දෙන්න ලංකාවේ ඉන්න එපෑයෑ...

:       0       0

saddantha Thursday, 09 May 2024 11:55 PM

රට එන්න දෙන්න එපා අප්පා මේ වගේ ගෙඩියකට ,දැක්කත් පිස්සු හැදෙනවානේ

:       0       0

de silva Friday, 10 May 2024 05:30 AM

මෙතුමිය ලංකාවේ පුරවැසියෙක් නෙමේ නම් පසුගිය වසර කිහිපය පුරාම වීස ලබාගැනීමට අයදුම් කලබවට හෝ වීස ලබාගත් බවට කිසිම සදහනක් නැහැ , එම නිසා වීස බලපත් නොමැතිව පසුගිය වසර 3-4 පුර ලංකාවේ ගතකර ඇත , වහාම අත්අඩංගුවට අරන් විමර්ශන ආරම්භ නොකරන්නේ කිමද ? යම් කිසි විදිහකින් ඇයට ආගමන විගමන දෙපාර්තමේන්තුව පහුගිය කලේ විස ලබාදී තිබුන නම් , කොමසාරිස්ට දඩුවම් කරන්න ඕනේ , සත්‍ය තොරතුරු අදිහ්කරණයට වසන් කිරීම පිළිබඳව

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වෙසක්
2024 මැයි මස 20 0 0

වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් බෞද්ධ කොඩි ඇතුළු සැරසිළි මිලදී ගැනීමට ජනතාව මේ දිනවල දැඩි උනන්දුවක් දක්වති.


වසරකට ලෝකයේ ඩොලර් ට්‍රිලියන 1.4 ක් බදු අපතේ
2024 මැයි මස 20 44 0

ගෝලීය බදු පැහැර හැරීම ආශ්‍රිත වත්කම් වල වාර්ෂික අගය ඇමරිකා ඩොලර් ට්‍රිලියන 1.4 ක් ලෙස ගණන් බලා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියාවේ දී ප


යල් පැන්න නීති වලින් ’’උරුමයට’’ බාධා
2024 මැයි මස 20 67 1

දිවයින පුරා “උරුමය” හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩසටහන කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.


අතුරුදන්වු සිසුවියගේ සිරුර කොත්මලා ජලාශයේ
2024 මැයි මස 20 556 0

තලවකැලේ, ඉහල කොත්මලා ජලාශයේ පාවෙමින් තිබියදී පාසල් සිසුවියකගේ සිරුරක් සොයා ගත්බව තලවකැලේ පොලීසිය පවසයි.


මන්ත්‍රී විස්සකට මැතිසබේ කෑම තිත්ත වෙලා
2024 මැයි මස 20 487 0

පාර්ලිමේන්තුවේ භෝජනාගාර අංශයෙන් දෙන කෑම කිසිම ගුණාත්මකභාවයක් නැතැයි මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාට පැමිණිලි කර ඇත.


නාන්න ගිය දෙදරු මවගේ සිරුර කුඹුක්කන් ඔයේ පාවෙයි
2024 මැයි මස 20 527 0

කුඹුක්කන් ඔයේ දියනෑමට ගොස් ඝාතනයට ලක්වූ බව සැකකෙරෙන දෙදරු මවකගේ මළසිරුරක් ලුණුගල කුබුක්කන් ඔයේ තිබියදී හමුවූ බව ලුණුගල පොලිසිය පවසයි .


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 815 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2368 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2030 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site