ඩෙංගු යනු වයිරසයක් මගින් බෝවන, වයිරසය ආසාදිත මදුරුවකු වාහකයකු ලෙස ක්‍රියා කරන රෝගී තත්ත්වයකි. කලින් කලට හිස ඔසවනවා පමණක් නොව පුද්ගල මරණ අනුපාතයද ඉහළට ඇද දමන රෝගයකි. තවත් මෙවැනිම කාලවකවානුවකදී යළිඳු වතාවක් ඩෙංගු මර්දනය කරනු වස් පහත ලිපිය පළවේ.
ඩෙංගු ව්‍යාප්තියේ නවතම තතු දෙස බලද්දී මේ වසරේ ජනවාරි මාසය වනවිට ඩෙංගු රෝගීන් 8963ක් වාර්තා වී ඇත. ඒ අනුව විශේෂයෙන්ම බස්නාහිර පළාත ආවරණය කරමින් කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කත් පුත්තලම, යාපනය සහ කල්මුණේ යන දිස්ත්‍රික්කවලින්ද ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත.
වයිරසය ආසාදිත මදුරුවා
මෙම රෝගී තත්ත්වය මදුරුවන් හරහා සම්ප්‍රේෂණය වන වයිරසයක් මගින් හට ගැනේ. මෙම වයිරසය ඊඩිස් ගණයේ ගැහැනු මදුරුවන් මගින් පතුරවනු ලබයි. මදුරුවන් තුළට මෙම වයිරසය ඇතුළු වන්නේද වයිරසය ශරීර ගතවූ පුද්ගලයකුට දෂ්ට කිරීමෙනි.
ඩෙංගු වයිරසය බෝ කරන මදුරු වාහකයෝ
අපේ රටේ ලංකාවේ ඩෙංගු වයිරසය සම්ප්‍රේෂණය කළ හැකි මදුරු විශේෂ දෙකක් හඳුනා ගෙන ඇත. එයින් ඊඩිස් ඊජිප්ටයි ( Aedes aegypti) ප්‍රාථමික වාහකයා ලෙසත් ඊඩිස් ඇල්බොපික්ටස් ( Aedes albopictus ) ද්විතීක වාහකයා ලෙසත් සැලකේ. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම පාහේ මෙම මදුරු විශේෂ සැලකිය යුතු ඝනත්වයකින් වාර්තා වේ.
ඉහත මදුරු විශේෂ දෙකම උදේ කාලයේ හිරු උදාවී පැය කිහිපයක් යනතුරුද සවස් කාලයේ හිරු බැසීමට පැය කිහිපයකට පෙරද වැඩිපුර දෂ්ට කිරීම සිදු කරයි.
ඩෙංගු රෝග ලක්ෂණ
උණ, ඇඟපත වේදනාව, ඔළුවේ කැක්කුම, ඇස් යට වේදනාව, වමනය සහ ඔක්කාර ගතිය, මුත්‍රා පිටවීම අඩු වීම ආදී රෝග ලක්ෂණ මතු වීමට හැකියි. මෙම රෝග ලක්ෂණ අනෙකුත් රෝගවලටද පොදු විය හැකිය.
ඩෙංගු තහවුරුව
මේ දිනවලදී කිසිවකුට හෝ උණ වැළඳී ඇත්නම් ඒ ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි. උණ වැළඳී පැය 24ක් ගතවන විටම වෛද්‍යවරයකු හමුවී රෝගය නිර්ණය කර ගත යුතු වේ. ගර්භනී මවක් නම් උණ ගැනී පළමු දිනයේදීම වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර ගත යුතුය.
වෛද්‍යවරයකු හට සායනික ලක්ෂණ සහ රුධිර පරීක්ෂණවලින් (full blood count, Dengue NS1 Antigen test) රෝගය තහවුරු කර ගත හැකියි. ඩෙංගු වැළඳුණු මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීම තුළ අතුරු ආබාධ වලක්වා ගත හැකිය. එනම් ඩෙංගු රක්තපාතය ,කම්පන වැනි දරුණු සංකූලතා දක්වා තත්ත්වය දරුණු වීම වලක්වා ගත හැකියි.
සුදුසු නුසුදුසු ඖෂධ
ඩෙංගු රෝගයට හිතුමතයට බෙහෙත් භාවිතය සුදුසු නැත. උණට පැරසිටමෝල් ඖෂධය පමණක් නියමිත මාත්‍රාවෙන් ලබා ගත යුතු බව නිර්දේශයයි. එසේ නොමැතිව අනෙකුත් කිසිඳු වේදනා නාශක ( NSAIDS and Steriods ) නොගත යුතු වේ. එසේ නොවුණහොත් පිටතින් ගන්නා විවිධ ඖෂධ නිසා ඩෙංගු රෝගයේ සංකූලතා වැඩි විය හැකිය.
රෝගියා වෙනුවෙන්
උණ වැළඳුණ විට විවේකීව කාලය ගත කළ යුතුය. ශරීරය වෙහෙසන ක්‍රීඩා සහ ව්‍යායාම් වැනි ක්‍රියාකාරකම්වලින් වැලකිය යුතුය. සාමාන්‍ය ආහාර වේලක් ලබා ගත හැකිය. සාමාන්‍ය පරිදි දියර පානය සුදුසු වේ. කිලෝ ග්‍රෑම් 50ට වැඩි පුද්ගලයන් සාමාන්‍යයෙන් පැයකට මිලිලීටර් 100ක් වන පරිදි පාන වර්ග ගත යුතුය. ළමයින්ට ඔවුන්ගේ බර අනුව දියර ප්‍රමාණ තීරණය කෙරේ.
සුදුසු, නුසුදුසු ආහාර පාන
රෝගියකුගේ පෝෂණයද ඉතාම වැදගත්ය. ඩෙංගු රෝගියකුට නම් සාමාන්‍ය සමබල ආහාර වේලක් ලබා ගැනීමට පුළුවන. පාන වර්ග ගැන විමසීමේදී වෛද්‍ය නිර්දේශයට අනුකූලව නිසි ප්‍රමාණය ලබා ගන්න. මේ සඳහා ජලය පමණක් නොව පලතුරු යුෂ ,ජීවනී, තැඹිලි සහ කැඳවුවද පානය කළ යුත්තේ නිර්දේශිත පරිමාවට අනුකූලවය.
එසේම රතු දුඹුරු පැහැති ආහාර සහ දියර වර්ග ලබා නොගත යුතුයි. උදාහරණ ලෙස බීට්රූට් , තේ සහ කෝපි පාන රෝගය සුව වනතුරු නොගත යුතුය.
ඩෙංගු මර්දනය
ඩෙංගු මදුරුවන් බෝවීම වැලැක්වීම උදෙසා නිවස සේම කාර්යාල පරිශ්‍රය මෙන්ම පාසල්ද පිරිසුදු විය යුතුය.
ඔබ භාවිතයෙන් ඉවත ලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල්, ටින් ආදිය නිසි පරිදි බැහැර කරන්න. නැතහොත් ප්‍රතිචක්‍රීකරණය කරන්න.
ඉවත ලන එවැනි අයිතම වතුර නොරැඳෙන පරිදි විනාශ කරන්න.
වැහි පිහිලිවල සිරවී ඇති කොළ රොඩු ඉවත් කර නිතර පිරිසුදු කරන්න.
වතුර ටැංකි, බැරල්, මල් බදුන් , ශීතකරණ තැටි පිරිසුදු කිරීමේදී බුරුසුවකින් අතුල්ලා පිරිසුදු කරන්න.
හැකි සෑම විටෙකම අවට වැසි වතුර රැඳිය හැකි තැන් සොයා බලා පිළියම් යොදන්න
ළිං සහ ටැංකිවලට මදුරුවන්ට ඇතුල් විය නොහැකි ලෙස දැල් යොදා ආවරණය කිරීම
සතියකට වරක්වත් නිවස කාර්යාලය සහ පාසල් වටපිටාව සුද්ධ පවිත්‍ර කොට මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කර දැමිය යුතුය.
විමසිලිමත්කම සේම වටපිටාවේ පිරිසුදුතාව නිසා ඩෙංගු යනු වලක්වා ගත හැකි රෝගයකි. එබැවින් නොපමාව සියලුම දෙනා උදෙසා අපි අපිම යුතුකම් ඉටු කරමු.
-සටහන- මාධවී ධර්මරත්න
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය
උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට
ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි
2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඩෙංගු රතු එළි නැවතත්