(රෝෂන් තුෂාර)
ජාතික පොලිස් කොමිෂන් සභා කාර්යාලයේ තිබූ රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමන් යුත් ප්‍රින්ටර් ටෝනර් 12 ක් සොරා ගත් බව කියන කාර්යාල සහායකයකට එරෙහිව චෝදනා ගොනුකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය කුරුඳුවත්ත පොලිසියට අද (4)නියෝග කළාය.
මාතර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එස්.ආර් චතුරංග සැකකරුට එරෙහිව මෙසේ චෝදනා පත්‍රයක් ගොනු කිරීමට නියම කළාය.
සැකකරු සතුව තිබී පොලිස් භාරයට ගත් එම භාණ්ඩ නැවත පොලිස් කොමිසම් කාර්යාලය වෙත මුදාහරිණ ලෙසටද මහේත්‍රාත්වරිය කුරුඳුවත්ත පොලිසියට නියෝග කළාය.
අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා කුරුඳුවත්ත පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් තමන් වරද පිළිගන්නා බව සැකකරු සිය නීතිඥවරයා මගින් අධිකරණයට ප්‍රකාශ කළේය.
ජාතික පොලිස් කොමිෂන් සභා කාර්යාලයේ තිබූ රුපියල් 5,66400 ක් වටිනා ප්‍රින්ටර් ටෝනර් 12 ක් කිසියම් අයෙකු විසින් සොරාගෙන ඇති බවට එම කාර්යාලයේ සහකාර කළමනාකාරවරියක් කුරුඳුවත්ත පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරු රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප මත මුදා හරින ලෙසට නියෝග කළාය.සැකකරුට එරෙහිව චෝදනා ගොනු කරමින් නඩු පවරන ලෙසටද නියෝග කෙරිණි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ටෝනර් සොරා ගත් පොලිස් කොමිෂන් කාකාසට ඇප
Champika Monday, 04 August 2025 07:26 PM
එතකොට පොලිස් කොමිසමෙන් විනය පරීක්ෂණයක් පවත්වන්නේ නැද්ද?