IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙකු සිය සිරුරට ගිනි තබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගිනි තබාගෙන ඇත්තේ ෆ්ලොරිඩාහි පදිංචි මැක්ස් අසරෙල්ලෝ නැමැති පුද්ගලයෙකු බව නිව් යෝර්ක් පොලිසිය ප්‍රකාශ කළේය.

ගිනි තබා ගැනීම හේතුවෙන් අසරෙල්ලෝ බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල බව නිව් යෝර්ක් පොලිසිය පැවසුවේය.

අසරෙල්ලෝ සිරුරට ගිනි තබා ගැනීමට ප්‍රථම තමන් සොයා ගත් කුමන්ත්‍රණයක තොරතුරු වෙත සියල්ලගේම අවධානය යොමු කිරීම සඳහා මෙම දැඩි ක්‍රියාමාර්ගය ගැනීමට පෙළඹුණු බව පවසමින් අන්තර්ජාලය තුල සටහනක් තබා තිබිණි.

පසුව දැඩි ආරක්ෂාව යටතේ ට්‍රම්ප්ගේ නඩුව නිව් යෝර්ක් අධිකරණ සංකීරණයේ පහළොස් වැනි මහලේදී කැඳවූ අතර එහිදී නඩු විභාගය සඳහා අවශ්‍ය ජූරි සභිකයින් 18 දෙනා තෝරාපත් කරගෙන අවසන් කර ඇත.

එම ජූරි සභිකයින් 18 දෙනාට ස්ථිර ජූරි සභිකයින් 12 දෙනෙකු සහ අතිරේක ජූරි සභිකයන් සය දෙනෙකු ඇතුළත් වේ.

වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ නිර්මාණය වන චිත්‍රපට සඳහා රංගනයෙන් දායකවන ස්ටෝර්මි ඩැනියෙල් සඳහා 2016 වසරේ පැවතී ජනාධිපතිවරණයට පෙර ඇමෙරිකානු ඩොලර් 130,000 මුදලක් ගෙවීම ඇතුළු එවකට සිදුවූ තවත් මුදල් ගනුදෙනු කිහිපයකට අදාළව අසත්‍ය ව්‍යාපාරික වාර්තා ගොනු කිරීම සම්බන්ධයෙන් චෝදනා 34 ක් යටතේ මෙම නඩුව ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගොනු කර ඇත.



අදහස් (2)

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන

පිටරැටියා Saturday, 20 April 2024 04:41 PM

මෝඩ වහලෙක් වෙන්ඩැති .

:       3       13

Asela Saturday, 20 April 2024 10:52 PM

ඇමෙරිකාවේත් බයියෝ ඉන්නවා එහෙනම්...!

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

පදවාගෙන යමින් සිටි ත්‍රිරෝද රියක් හිටි හැටියේ ගිනි ගනී
2024 මැයි මස 03 20 0

තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ ගමන් කරමින් තිබු ත්‍රී රෝද රථයක් නානුඔය, තැපැල් කාර්යාලය ඉදිරිපිටදී අද (03) ගිනි ගැනීමකට ලක්ව සම්පුර්ණයෙන් විනාශයට පත්ව ගොස් ඇ


දමිතාගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
2024 මැයි මස 03 48 0

නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමෙන් සිය මානව හිමිකම් කඩවූයේ යැයි ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අද (3) පැම


බස් බස් ගැටී 23ක් රෝහලේ
2024 මැයි මස 03 12 0

ලංගම බස් රථයක් සහ සිසු සැරිය බස් රථයක් අම්පාර ඊ.සී.සී මාර්ග බාධකය අසලදී මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් 23 දෙනකු රෝහල් ගත කර තිබේ.


දැරියට පහර දී සමාජ මාධ්‍යට මුදාහල පියා අත්අඩංගුවට
2024 මැයි මස 03 220 0

බිරිඳ විදේශගත වු පසු තම සිවි හැවිරිදි දැරියට අමානුෂික ලෙස පහර දී එය විඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදා හැරි බලන්ගොඩ පෙටිටිගල ප්‍රදේශයේ පදිංචි 27 හැවි


ඉන්දීය ක්‍රිකට් කළමනාකාර යෝගි අධිකරණයට කැඳවයි
2024 මැයි මස 03 118 0

පල්ලෙකැලේ පැවැති ’’ලෙජන්ට් ට්‍රොපි 2024’’ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනා


ගාසාව යුද්ධයෙන් වසර 45 ආපස්සට
2024 මැයි මස 03 165 0

ඊශ්‍රායල හමාස් යුද්ධය හේතුවෙන් පසුගිය වසර හතළිහ පුරාවට අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළුව සියළුම පුද්ගල සංවර්ධන අංශවලින් ගාසා තීරයේ ජනතාව ලැබූ ප්‍රගතිය මේ වන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 466 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1894 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1680 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site