IMG-LOGO

ට්‍රම්ප්ගෙන් ඊශ්‍රායලයට තරවටුවක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉරානයට නැවත බෝම්බ නොදමන ලෙස ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද ඊශ්‍රායලයට අනතුරු ඇඟවීය.

ඉරානය හා ඊශ්‍රායලය දැන හෝ නොදැන සටන් විරාම ගිවිසුම කඩකර තිබෙන බවත් දෙපාර්ශ්වය කරන්නේ කුමක්ද යන්න ඔවුන්ට නොවැටහෙන බවත් ජනපති ට්‍රම්ප් පැවැසුවේය.

ඊශ්‍රායලය අද පෙරවරුවේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙන අතර තමන් එයට කිසිම කැමැත්තක් නොතිබූ බවත් තමන්ට ඊශ්‍රායලය සන්සුන් කිරීමට සිදුවන බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. නැවත යුද්ධයක් ඇතිවීම නැවත්වීමට හැකි සෑම උත්සාහයක්ම නේටෝ සමුළුව ආරම්භ වීමට පෙර තමන් ගන්නා බවද ඔහු පැවැසුවේය.

සටන් විරාමයකට එකඟ වීමෙන් පසුව ඊශ්‍රායලය ඉරානයට බෝම්බ හෙළා ඇති බවත් ඊශ්‍රායලයේ ක්‍රියා කලාපය පිළිබඳව තමන් සතුටු නොවන බවත් ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය. ඉරානය සහ ඊශ්‍රායල දීර්ඝ කාලයක සිට යුද වැදීම හේතුවෙන් තමන් කරන්නේ කුමක්දැයි දෙපාර්ශ්වයට අමතක වී ගොස් ඇති බව ඇමෙරිකා ජනපතිවරයා පැවැසුවේය.

 



අදහස් (5)

ට්‍රම්ප්ගෙන් ඊශ්‍රායලයට තරවටුවක්

AB Tuesday, 24 June 2025 06:24 PM

ඉරානයට නැවත බෝම්බ නොදමන ලෙස ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද ඊශ්‍රායලයට අවවාද කර ඇත. ඇමෙරිකා ජනපතිවරයා හැර ලෝකයේ වෙනත් කිසිවකුගේ මතයට ඊශ්‍රායලය අවනත කරගත නොහැකිය. ඇමෙරිකා ජනපතිවරයා ඉරානයෙන් පමණක් මෙම ඉල්ලීම සිදුකර තිබිණි. කෙසේවෙතත් ජනාධිපති පළමුව දැරූ මතය වෙනස් කර දෙපාර්ශවයෙන්ම බෝම්බ නොදමන ලෙස ඉල්ලීම් කර ඇත. ඇමෙරිකාවේ සහ EU රටවල ආර්ථික, දේශපාලන, කලාව මාධ්‍ය, වෛද්‍ය, තාක්ෂණික, යුද අවි ඇතුළු මහාපරිමාණ ව්‍යාපාරිකයින් ඇති බහුතරයක් ඊශ්‍රායල ජාතිකයින් වේ. ඉරානය යනු gulf කලාපයේ සහ මිනිස් ශිෂ්ඨාචාරයේ දිගු ඉතිහාසයක් තිබෙන්නා වූ රටකි. ලංකාව කුඩා රටක් වුවත් මෙම යුද්ධය සහ ඉන්පසු මතුවන ගෝලීය ආර්ථික සහ භූ දේශපාලන කාරණා පිළිබඳව G7, G20 සහ GULF රටවල තානාපතිවරුන් සමග සාකච්ඡා කළයුතු වේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා රටේ නායකයා නොවූවත් එතුමාට ඍජුවම වර්තමාන තත්වයන් පිළිබඳව ගෝලීය නායකයින් සහ එක්සත් ජාතින්ගේ සංවිධානය සමග සාකච්ඡා කළහැකි වේ. (වර්තමාන ආණ්ඩුව හෝ ජනාධිපතිවරයාට එවැන්නක් කිසිසේත්ම කළ නොහැකියි)

:       38       20

ලූට මූස්Tuesday, 24 June 2025 08:18 PM

අනේ ඇබෝ, එහෙනං ඉතිං උන්දෑ ඕන දේවාලෙකට පටවලා අරින එකනේ ඇත්තේ...!

:       2       9

අරවින්ද මොණරවිල Tuesday, 24 June 2025 06:36 PM

ඊශ්‍රායලයට විතරක් නොවෙයි මෙයාටත් කියන්නේ මොනවාද කරන්නේ මොනවාද කියලා නිච්චියක් නැහැ... ගෙදරට වෙලා උණු වතුර ටිකක් කාලා ඉන්න ඕනෑ අය රට පාලනය කරන විට ඒ රටවල් විතරක් නොවෙයි ලෝකයම විනාශ වෙන්න පුළුවන්...!

:       8       29

fairoosTuesday, 24 June 2025 07:16 PM

අරවින්ද හරියට කිව්වා...

:       6       16

Nihal Dharmatileke Tuesday, 24 June 2025 07:36 PM

අහන්න බැරි නම් දන්නේ නෑනේ එකේ කරන්නේ ඉරානයට බෝම්බයේ භාගයක් ඊශ්‍රායලයට දැමීමයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 99 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2235 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 692 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site