(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි 13ක් පමණ වටිනා ටෙලිකොම් ග්‍රාහක කුටිවල (එම්සාන් පෙට්ටියේ) අඩංගු විද්‍යුත් මෘදුකාංග තැටි සොරා ගැනීම පිටුපස එම තැටිවල ඇති රත්තරන් ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන්නේදැයි විශේෂ විමර්ශනයක් සිදුකර ඊට සම්බන්ධ සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාස වෙත උපදෙස් ලබා දුන් බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.
මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල ස්ථාපිත කර ඇති එම ග්‍රාහක කුටිවලින් විද්‍යුත් මෘදුකාංග තැටි සියයකට අධික ප්‍රමාණයක් සොරාගෙන තිබිණි.
ඒ අයුරින් ගනේමුල්ල බොරැල්ල ,මාලබේ, නවගමුව අතුරුගිරිය කොට්ටාව හෝමාගම ආදී ප්‍රදේශ වල ස්ථාපිත කර තිබෙන දුරකථන ග්‍රහක කුටි 9 කින් එම මෘදුකාංග තැටි තොගය සොරා ගෙන වූ අතර නවගමුවේ පමණක් දුරකථන ග්‍රහක කුටි තුනකින් විද්‍යුත් මෘදුකාංග තැටි සොරා ගෙන තිබිණි.
ඉකුත් 25 වෙනි දින අවසන් වරට කොට්ටාව ලියනගොඩ ප්‍රදේශයේ දුරකථන ග්‍රහක කුටියකින් විද්‍යුත් මෘදුකාංග තැටි 15 ක් සොරා ගෙන තිබිණි.
මෙම සොරකම් හේතුවෙන් දුරකථන පරිශීලකයන්, වයි ෆයි , පියෝ ටීවී ඇතුළු එම දුරකථන ග්‍රාහක කුටියේ අඩංගු කර තිබෙන විද්‍යුත් මෘදුකාංග තැටි හරහා සේවය ලබාගත් පාරිභෝගිකයන් ලක්ෂ ගණනාවක් දැඩි අපහසුතාවයට පත් විය.
ඒ සම්බන්ධයෙන් මෙන්න රජයට සිදුවන විශාල පාඩුව පිළිබඳ විශේෂ අවධානය යොමු කළ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර මහතා ට උපදෙස් ලබාදෙමින් කඩිනමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබා දීම ලබාදීම සිදුකෙරිණි.
අදාල විද්‍යුත් මෘදුකාංග තැටි නිෂ්පාදනය කිරීමේ දී එක් මෘදුකාංග තැටියකට රත්තරන් ගෑම් 10ක පමණ ප්‍රමාණයක් අඩංගු කරන බවත් එයට හේතුව සන්නිවේදන කටයුතු වේගවත් කිරීමට බව ටෙලිකොම් ආයතනයේ ඉංජිනේරුවන් ලබාදුන් වාර්තාවක සඳහන් වන බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.
මෙම මෘදුකාංග තැටි වල රත්තරන් අඩංගු බවට දැනීමක් ඇත්තේ එම ක්ෂේත්‍රයේ ම අයකුට පමණක් බවත් ටෙලිකොම් ආයතනයේ ඉංජිනේරුවරයෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
544
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1070
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටෙලිකොම් කුටිවල තැටි ගලවයි
Lalla Monday, 29 May 2023 07:59 AM
ටෙලිකොම් සමාගම රාජ්‍ය ආයතනයක් වුනේ කොහොමද?. පෞද්ගලික අංශයට බහුතරය ඇති පෞද්ගලික අංශය පාලනය කරන ආයතනයක්. ඒත් රාජ්‍ය සභාපතිවරයකු දමාගෙන රටේ සල්ලි සූරාකනවා.ඒ මදිවට රාජ්‍ය ලේබලය ගසාගෙන සියලු රාජ්‍ය ආයතන වල සන්නිවේදන අයිතිය බලෙන්ම ලබාගන්නවා.....
සුදේශ් Monday, 29 May 2023 08:00 AM
දැන් නම් නොදන්න අයත් දැනගත්ත. ශෝක්
සක්‍රයා Monday, 29 May 2023 08:30 AM
දැන් ඉකිං හැමඑකාම ගලවන්න ගනියි. මේවාගේ ප්‍රවෘත්තියක් ලියද්දි පරිස්සමෙන් ලියන්න දන්නේ නැද්ද? සක්‍රයා
අසංක දිසානායක Monday, 29 May 2023 09:48 AM
දැන් පත්තරේ දාලම දැනුවත් කලානේ. ඉතුරු ටිකටත් දෙවි පිහිටයි.
Jay Monday, 29 May 2023 09:54 AM
දැන හැමොම දන්නව... මෙන්න උගත්තු...