(අංජුල මහික වීරරත්න

ලංකාවේ ඇමරිකා තානාපතිනී  ජූලි චන්ග් මහත්මිය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක්  කොළඹදී අද (13) පැවැත්විණි.

මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ලෙස සිය රාජ්‍යතාන්ත්‍රික සේවය අවසන් කරමින්, ජනවාරි 16 වන ජුලී චං මහත්මිය දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.‍ෙ" ජූලි චන්ග් මහත්මිය සිය ධුර කාලය තුළ ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනගමින් සහ ශක්තිමත් කරමින් සිදු කළ සේවය අගයමින් මාගේ ස්තුතිය පිරිනැමුවෙමි" යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා පවසයි.