IMG-LOGO

ජැකලින්ගේ ඉල්ලීම ඉවතට‍

මුදල් විශුද්ධිකරණ නඩුවක් අවලංගු කරන ලෙස ඉල්ලා බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් ගොනුකළ පෙත්සමක් දිල්ලි මහාධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.

ඉන්දීය මූල්‍ය අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඇයට එරෙහිව පනවා තිබූ පැමිණිල්ල වෙනුවෙන් ඇය මෙම පෙත්සම ඉදිරිපත්කර තිබුණි.

ඉන්දීය චිත්‍රපට නිෂ්පාදකයෙකු මෙන්ම ව්‍යාපාරිකයකු වන චන්ද්‍රශේඛර් විසින් අයථා ලෙස උපයා ගත් බව කියන ධනය විශුද්ධිකරණය කිරීමට ජැකලින් සහාය දැක් වූ බව පවසමින් ඇයට එරෙහිව මෙම පෙත්සම ගොනුකර තිබේ.

අදාළ විත්‍රපට ව්‍යාපාරිකයා විවිධ නිරූපිකාවන් සහ බොලිවුඩ් කීර්තිමත් චරිත වෙනුවෙන් රුපියල් කෝටි 20කට අධික මුදලක් විවිධ අයුරින් වියදම් කර ඇති බව සඳහන්.

එහෙත් කිහිප දෙනෙක් ඔහුගෙන් තෑගි ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබූ බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ඉන්දීය මූල්‍ය අපරාධ විමර්ශන කාර්යංශය මේ වනවිට ජැක්ලින්ගේ ඉන්දීය රුපියල් කෝටි 7.2ක් වටිනා වත්කම් සහ ස්ථාවර තැන්පතු අත්පත් කරගෙන ඇති බව සඳහන්.

ශ්‍රී ලාංකික නිළියක වන ජැකලින් ඉන්දියාවේ පදිංචිව සිටී.  ඇය ප්‍රධාන වශයෙන් බොලිවුඩ් නිළියන ලෙස කටයුතු කරන අතර, රියැලිටි වැඩසටහන් මෙන්ම සංගීත වීඩියෝවල ද පෙනී සිට ඇත.

ජැකලින් ෆර්නැන්ඩස්, 2006 දී මිස් යුනිවර්ස් ශ්‍රී ලංකා කිරුළ හිමිකර ගත් අතර, එම වසරේ පැවැති මිස් යුනිවර්ස් තරගයට ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභගි වූවාය.



අදහස් (2)

ජැකලින්ගේ ඉල්ලීම ඉවතට‍

Lalla Friday, 04 July 2025 09:01 AM

ක්ෂණිකව ධනවත් වූ ලාංකික නිලි බට්ටියෝ ගැනත් හොයන්න ඕන නේද?

:       3       8

janahitha Friday, 04 July 2025 09:13 AM

මෙන්න මෙහේ වරෙන් දරුවා, මෙහෙ ඕනෑම දෙයක් කරන්න පුළුවන් මහින්ද මහත්තයාගෙන්, බැසිල්, නාමල් මහත්තුන්ගෙන් උපදෙසක් ගන්න පුළුවන්.

:       3       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 2 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 342 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 815 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site