IMG-LOGO

2025 දෙසැම්බර් මස 03 වන බදාදා


ජල පවිත්‍රාගාර පිරිසිදු කරන්න නාවික කිමිදුම් සහය

(අංජුල මහික වීරරත්න)

ගංවතුරෙන් ආපදාවට පත් ජල පවිත්‍රාගාර වල දිය ය‍ට නඩත්තු කටයුතු සඳහා නාවික හමුදා කිමිදුම් සහය ලබා දී තිබේ.

ඒ අනුව ඌව පළාත් ජලසම්පාදන මණ්ඩලයට අයත් මහියංගනය ජල පවිත්‍රාගාරයේ සහ මධ්‍යම පළාත් ජල සම්පාදන මණ්ඩලයට අයත් පේරාදෙණිය ගැටඹේ ජල පවිත්‍රාගාරයේ   අක්‍රීය වී ඇති ජල පොම්ප අළුත්වැඩියාව සහ නඩත්තු කටයුතු වෙනුවෙන් කිමිදුම් සහය ලබා දීම නාවික හමුදාව විසින් සිදු කෙරිණි. 

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කළ ඉල්ලීමකට අනුව සිදු කෙරුණු මෙම කිමිදුම් සහය ලබා දීමේ මෙහෙයුම සඳහා නාවික හමුදාවේ  කිමිදුම් කණ්ඩායම් දෙකක් සහභාගී වූහ.

අධික ජල ගැලීම් හමුවේ මහියංගනය ජල පවිත්‍රාගාරයේ දිය යට ජල පොම්ප ක්‍රියාකාරීත්වය අවහිර වන පරිදි තැම්පත්ව තිබූ රොන්මඩ ඇතුළු අවශේෂ ද්‍රව්‍ය මහත් පරිශ්‍රමයක් යොදා ඉවත් කර නැවත යථා තත්වයට පත් කිරීම ඊයේ (2) සිදු කෙරුණු අතර ගැටඹේ ජලපවිත්‍රාගාරයේ දිය යට නඩත්තු කටයුතු අද(3) සිදු කෙරෙමින් පවතින බව නාවික හමුදාව කියයි.

 



අදහස් (0)

ජල පවිත්‍රාගාර පිරිසිදු කරන්න නාවික කිමිදුම් සහය

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 304 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 332 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1264 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site