IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජපුරේ වැඩ කෝප් කමිටුවේදී අගයයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රගතිය පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමේදී (කෝප් කමිටුවේදී) විශේෂ ඇගයුමට ලක්විය.

මේ අතර ජාතික විශ්වවිද්‍යාල නවීකරණය කිරීම සඳහා ජාතික උපාය මාර්ගික සැලැස්මක්  ලබාදෙන ලෙසට කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා නිර්දේශ කළේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය  මහා භාණ්ඩාගාරයට බරක් නොවන පරිදි අරමුදල් සැපයීම සඳහා ස්ථාවර තැන්පතුවක් පවත්වාගෙන යෑම මෙහිදී විශේෂ ඇගයුමට ලක්විය.

මෙවැනි පියවර  දිවයිනේ අනෙකුත් විශ්වවිද්‍යාලවලද ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුන් රංජිත් බණ්ඩාර මහතා   උපාධි හා පශ්චාත් උපාධි අධ්‍යාපනයේ ප්‍රමිතිය ඉහළ නැංවීමට තවදුරටත් සාධනීය පියවර අනුගමනය කරන ලෙසටද ඉල්ලීමක් කළේය.

අනවසර පදිංචිකරුවන් අල්ලාගෙන ඇති  විශ්ව විද්‍යාලයට  අයත් ඉඩමක් මුදල් වියදම් කර තිබියදීත් සම්පූර්ණයෙන් පවරා නොගැනීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවිය.

මේ  සම්බන්ධයෙන් විසඳුමක් ලබා ගැනීම සඳහා ආරක්ෂක ලේකම්වරයාට ලිඛිතව දැනුම් දෙන බව කෝප් කමිටු  සභාපතිවරයා විශ්වවිද්‍යාල බලධාරීන්ට සහතික විය.

වසර 2012-2016 සිට ලෝක ශ්‍රේණිගත කිරීම්වල  පහත වැටීමෙන් පසු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය  එතැන් සිට ක්‍රමිකව ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ගොස් ඇති බව  මෙහිදී තොරතුරු අනාවරණයවිය.

ජාත්‍යන්තර කීර්තිමත් පර්යේෂණ පත්‍රිකා මෙම ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමට හේතු වූ බව ප්‍රකාශ කෙරිණ.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ප්‍රගමනය සඳහා ශ්‍රී ලංකාවේ අනෙකුත් විශ්වවිද්‍යාල සඳහා අනුගමනය කළ හැකි  ජාතික ප්‍රතිපත්ති රාමුවක් සම්පාදනය කිරීමට මැදිහත්වන ලෙසටද  කෝප් සභාපතිවරයා ශ්‍රී ජයවර්ධනපුර  විශ්ව විද්‍යාල පාලනාධිකාරියට දැනුම් දුන්නේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය   ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අනුර ප්‍රියදර්ශන යාපා,  එරාන් වික්‍රමරත්න,  දයාසිරි ජයසේකර,  ජගත් කුමාර සුමිත්‍රආරච්චි,  මේජර් සුදර්ශන දෙනිපිටිය සහ  ප්‍රේම්නාත් සී. දොලවත්ත යන මහත්වරු  සහභාගිවූහ.



අදහස් (0)

ජපුරේ වැඩ කෝප් කමිටුවේදී අගයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 450 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site