IMG-LOGO

2024 ජුනි මස 16 වන ඉරිදා


ජනපතිවරණය ගැන රනිල්ගෙන් නිල ප්‍රකාශයක්

(අංජුල මහික වීරරත්න)

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට තරඟ කරන බවට වන නිල ප්‍රකාශය ජුනි මාසයේදී ප්‍රකාශයට පත් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසීය.

පළමුවෙන් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බවද නානායක්කාර මහතා කීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මනූෂ නානායක්කාර මහතා කීවේ රනිල් ජනපති තරඟයට ඉදිරිපත් වන්නේ එක්සත් ජාතික පක්ෂය හෝ වෙනත් පක්ෂයක් මූලික කර ගනිමින් නොව සියලු දෙනාටම එකඟ විය හැකි එක් විය හැකි ජාතික අපේක්ෂකයෙක් ලෙස බවයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නැතැයි බොරු ප්‍රචාර යවමින් සජිත් ප්‍රේමදාස පාක්ෂිකයන් රැක ගැනීමේ සටනක නිරත වෙමින් සිටින බව කී අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂිකයින් වසර ගණනාවක් තිස්සේ බලාපොරොත්තු වූ රට ඉදිරියට ගෙනයාමේ අපේක්ෂාව මේ මොහොතේ ඉටුවෙමින් තිබෙන හෙයින් ඔවුන් නිරායාසයෙන්ම ජනාධිපතිවරයා වටා එකතු වීම වලක්වන්නට හැකියාවක් නැතැයි ද සඳහන් කළේය.



අදහස් (20)

ජනපතිවරණය ගැන රනිල්ගෙන් නිල ප්‍රකාශයක්

BITTER TRUTH Tuesday, 21 May 2024 01:54 PM

ආණ්ඩුව සහා බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත . මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ද කොමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහා රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRAGRAM , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි .මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහා රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි . පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු . මෙය පිළිබදව ඔබගේ පවුලේ උදවිය සහා මිතුරන් දැනුවත් කරන්න . (Share)

:       61       113

Sisiranath WanniarachchiTuesday, 21 May 2024 02:55 PM

හරි අපි දැනුවත් වුණා. දැන් මාලිමාවේ වැඩපිළිවෙල ඉක්මනට කියන්න...

:       7       22

Dammika Tuesday, 21 May 2024 10:53 PM

එතකොට මං වගේ අය වැටෙන්නේ මොන කොටසටද? මම බලාපොරොත්තු වෙන්නේ රාජපක්ෂ කල්ලිය දේශපාලනයෙන් නෙරපා හරින්න වගේම පොහොට්ටුව කියන පවුල් හවුල් සමාගමද අතුගා දමන්න. නමුත් යූඑන්පිය ඒකට පටලගන්න බෑ. යූඑන්පිය කියන්නෙ පොහොට්ටුව නෙවෙයි.

:       2       10

Santha Tuesday, 21 May 2024 02:15 PM

රනිල් ඡන්දෙ කල්දානවා.. සමහරවිට ලබන අවුරුද්දට කල් දායි.

:       14       11

ජයනාත් Tuesday, 21 May 2024 02:16 PM

වැඩක් වෙන එකක් නැහැ. කාටවත් 50% පන්නන්න බැහැ. ස්ථිරවම... රනිල් එන්නේ 3ට...!

:       19       11

චතුරි Tuesday, 21 May 2024 03:04 PM

තමන් තරග කරනවාද නැත්දකියන්න ඔය තරම් බය ඇයි. මහලොකුවට ගොබ්බ රැල. කැගහන්නේ. රනිල් තමයි රට ගොඩ ගත්තෙ. එයාට විතරයි මේ රට කරන්න පුලුවන්. ඔයතරම් සෙවල හලනෞන් දන්නෙ නැහැ රටින් බාගයක් කුනු කොල්ලෙට විකුනලා හිගා කාලා තමයි මේවා කරන්නෙ කියලා. උන්ට මොලයක් තිබුනා නම්. මේ ර්ස්ටට මෙහෙම වෙයිද උන්ට් ඕන බාර්පමිට්. වාහනපමිට්. කාලම කන්නි ටිකක්තමයි රට කරන්නෙ. කෝටි ෆ්හෙකක්වත් නැහැ රටේ සෙනග සේරම. වෙනරට වලටයනවා. රටේ නායකය හොද නම් මේවාවෙන්නෙ නැහැ. සාමාන්‍ය දැනුමබින්දුවයි. තමුන් ද්න්නවා ජනතාවට කරපු දේවල්. පොලීසියයි හමුදාවයි ලන්කරගන ඒවා අමතක වෙන්න. කොයිතරම් දේවල් කරන්න පනත් හැදුවට. රනිල් පරදිනවා. බැසිල්ට ඕන. හිරේ නොගිහින් ලන්කාවට ඇවිත් සේසත හුරන් යන්න මාර්ගය හඩාගන්න.

:       18       28

රාමා Tuesday, 21 May 2024 03:26 PM

පිටුව පෙරලුවට සීතා පොත දන්නවා රාමා

:       6       41

නුවන් Tuesday, 21 May 2024 03:34 PM

යාපනේ පුස්තකාලේ, කලු ජූලිය, බටලන්ද, මිලේනියම් සිටි, කොටි ස්වයං පාලන ගිවිසුම, එම්සීසී, හම්බන්තොට වරාය. මේ සේරම අපිට හොදට මතකයි. එන්නකො ඉල්ලගෙන

:       21       74

සුදත් Tuesday, 21 May 2024 05:00 PM

ජනවරණයෙන් පස්සේ රනිල් හිටපු ජනාධිපති විතරමයි...

:       13       30

ranjith Tuesday, 21 May 2024 05:44 PM

දශක ගණනාවක් අවුරුදු 5න් 5ට වෙස්මුහුණු මාරු කරගෙන එන මේ නඩය රට බංකොළොත් කරලා ආපසු රට ගොඩදානවා කියලා බේගලයක් දාගෙන එනවා.

:       11       28

PGPThilak Tuesday, 21 May 2024 06:37 PM

රනිලා කියන්නේ බලයට, කෑදරකමට රාජපස්සලාට දර දිය අදින කෙනෙක්...!! තියෙන මන්ත්‍රීකමත් නැතිවෙන විදියට පිළිතුරු දීම ඡන්ද දායකයින්ගේ වගකීමක්...

:       11       34

Jagath Tuesday, 21 May 2024 06:54 PM

රනිල්ට කඩේ යන එවුන් ඇත්තටම කාලකන්නි. ඔවුන් දන්නේ නෑ රනිල් අතීතයේ මේ රටට කරපු විනාශය... තවම කරන්නෙත් ලෝකය වටේ ණය අරගෙන, රටේ සම්පත් විකුණ විකුණා යන එක...

:       12       26

විජයවර්ධන හේරත් Wednesday, 22 May 2024 12:07 AM

රට හැදුව කියලා පම්පෝරි ගහනවා. කොතනද හදලා තියෙන්නේ 135 /= තිබ්බ පෙට්‍රල් 370/= දිලා , 98/= තිබ්බ හාල් 220/= දිලා, 128/= තිබ්බ ඩීසල් 330/= වැඩි කරලා, 82/= තිබ්බ සීනි 282/= වැඩි කරලා, රට හතර වටෙන්ම විදේශිකයන්ට විකුණලා , ජනතාව පිට බදුපිට බදු ගහලා, එදිනෙදා ජිවත් වන්න බැරිව මිනිසා දුගී දුප්පත් භාවයට පත් කරලා , මේකද ගොඩ ගත්තා කියන රට

:       9       13

lelwala Wednesday, 22 May 2024 04:17 AM

ජෙවිපි අය මොනවා කිව්වාත් රනිල් ජනපති වෙනවා මීළඟ ජනාධිපතිවරණයෙනුත්

:       18       6

Ashan Wednesday, 22 May 2024 04:36 AM

රනිල්ට මුල්ම ඇමැතිකම ලැබුනේ 1977. එදා ඉඳන් පාර්ලිමේන්තුවේ නොයෙක් තනතුරු දැරුවා. පස් වතාවක් අගමැති වුණා. දැන් අවු. 47ක් . තාම රට ගොඩගන්න දඟලනවා. බොරු කලා ඇති. මිනිස්සු මේ පාරත් මේ බොරුකාරයින්ට රැවටුනොත් ලංකාව ඉවරයි

:       4       14

Ajith Jayasuriya Wednesday, 22 May 2024 09:14 AM

රනිල් ළඟ තාවකාලික විසඳුම් තියෙනවා. ඔහු දූෂණයට සම්බන්ධ වී ඇති අතර ඒ සඳහා ඔහුට වන්දි ගෙවීමට සිදුවේ. ජනතාව පදනම් කරගත් පාලනයක් පිහිටුවීමට කැපවී සිටින බවට එන්පීපී පොරොන්දු වෙයි. මෙය ඉතිහාසය තුළ දක්නට නොලැබුණි. ජනතාව ඒත්තු ගන්වමින් රනිල් පරාජය කළ යුතුයි

:       5       10

S,p,bandara Wednesday, 22 May 2024 03:19 PM

ඔබ එන්න. ඇවිත් යන්න එන්න. අපි මාලිමාවට මේ පාර...

:       2       9

Bernard Perera Thursday, 23 May 2024 10:02 AM

අනුර කුමාර දිසානායක මහතා දැන උගත් බුද්ධිමත් තරුණ දේශපාලන නායකයෙක්. ඇත්ත ඇති සැටියෙන්ම රට හෙළි කරන, හොර බොරු වංචා දූෂණ කප්පම් මිනිමැරුම් චෝදනා නැති එකම නායකයා. මාලිමාවටත් අවස්ථාවක් ලබා දීම මහජනතාවගේ යුතුකමක්.

:       3       8

Saragh Thursday, 23 May 2024 02:40 PM

මහා බැංකු හොරා ආපහු ඡන්දෙ ඉල්ලන්නට එනවා.. ගියපාර අවුරුදු තුනක් නම්කරපු ජනාධිපති කෙනෙක් හැටියට හිටියේ. නමුත් එයාට බලතල නැහැ. මෙදාපාර ඡන්දයෙන් දින්නොත් සියලුම බලතල හම්බවෙනවා.. එතකොට හොරා හොරාම තමයි...

:       2       7

Anura Pathirana Monday, 10 June 2024 10:22 AM

මහ බැංකුව රැකගැනීමට නිරායාසයෙන්ම ජනාධිපතිවරයා වටා එකතු වීම වලක්වන්නට හැකියාවක් නැතේයි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සැකකරු කොස්තාපල්ගේ අත සපාකාලා
2024 ජුනි මස 16 222 0

හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී කොස්තාපල්වරුන් දෙදෙනකුට පහරදී කොස්තාපල්වරයකු සපා කා තුවාල සිදුකර ඇතැයි දුන්ගල්පි


ලංකා -ඉන්දියා ගොඩබිම් පාරේ එක වැඩක් අවසන්
2024 ජුනි මස 16 1256 4

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩබිම් සම්බන්ධතාවක් ඇති කිරීම සඳහා වන පූර්ව ශක්‍යතා අධ්‍යයනය මේ වන විට සිදු කර අවසන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප


වැඩබලන මහේස්ත්‍රාත්ගේ නියෝගයේ දොස් කියන්න නීතිපතිට කල් දෙයි
2024 ජුනි මස 16 593 0

නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට සහ එහි අධක්‍ෂවරුන්ට එරෙහිව පවරා තිබු නඩුවේදී මාලිගාකන්ද වැඩබල


ලොක්කො තුනකට නිකන් සල්ලි බෙදලා
2024 ජුනි මස 16 435 0

බස්නාහිර පළාතේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ( පාලන) සාමාන්‍යාධිකාරී (ධාවන) සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය) ලෙස තනතු


‘නව දේශපාලනයක් ඇති කරනවා ‘
2024 ජුනි මස 16 967 8

ජාතිවාදය වෙනුවට ජාතික සමගියේ නව දේශපාලනයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරනවා යයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ලන්ඩනයේදී පැවසීය.


පොසොන් පොහොයට අ‘පුර-මිහින්තලේ විශේෂ දුම්රිය සේවයක්
2024 ජුනි මස 16 203 0

පොසොන් පොහොය නිමිති කරගෙන අනුරාධපුර සිට මිහින්තලයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ගාස්තු අය කිරීමකින් තොරව නොමිලේ විශේෂ දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1297 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3017 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2478 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site