IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ජනතාවට දිය හැකි සහන 5ක් වජිර කියයි

(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපතිරුන්ගේ නිල නිවාස ලබා ගැනීම නිසා රටේ සමස්ථ මහජනතාවට ලබන මාසේ සිට ලයිට් බිල්, වතුර බිල් ,පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් අඩු වී ජනතාවට සහන ලැබෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

ඒ සහන ලැබෙනතුරු බලා සිටින බවද අබේවර්ධන මහතා කීය.

එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා මේ බව කීවේ හිනිදුම, රත්ගම සහ බෙන්තර - ඇල්පිටිය කොට්ඨාශ වල ජනතා හමු වලින් අනතුරුව මාධ්‍යයට  අදහස් දක්වමිනි.

"ශ්‍රී ලංකාවේ වගේ තත්ත්වයක් එදා නේපාලයේ ඇති වුණා.එවිට රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලන පක්ෂ වලට ආරාධනා කළා. අපි එකට එකතු වෙලා රට ඉදිරියට ගෙනයමු කියා එදා ඔහු ඉල්ලීමක් කළා. ඒ අවස්ථාවේදී බොහෝමයක් දේශපාලන පක්ෂ සහයෝගය දුන්නා. ඇතැම් අය දුන්නේ නැහැ. නමුත් මතු දවසක සියලුදෙනා එකමුතුව ශ්‍රී ලංකාව ලෝකය හමුවේ ඔසවා තැබීමට කටයුතු කරාවි කියා මම විශ්වාස කරනවා යනුවෙන්ද වජිර අබේවර්ධන මහතා එහිදී කීය.



අදහස් (9)

ජනතාවට දිය හැකි සහන 5ක් වජිර කියයි

Neel Monday, 15 September 2025 02:47 PM

මේක තමයි වජිර ගේ බුද්ධි මට්ටම.

:       4       31

දිමුත් Monday, 15 September 2025 03:01 PM

අඩු කිරීම කෙසේ වෙතත් අන්න විදුලිබිල වැඩි කරන්න අදහස් විමසනවාලු!

:       17       4

සුසන්ත Monday, 15 September 2025 03:11 PM

හාල් පොල් අඩු වෙන්න අවශ්‍ය නෑ මහත්තයෝ. රටක් හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් සියළු දෙනා ඉහළ දියුණු මට්ටමට ගෙන ඒම. ඒක අමාරු වැඩක්. අනිත් එක ඉහළ පැළැන්තිය නැති කිරීම. එතකොට ජනතාවගේ ආශාවල් පලනය වෙනවා. ඉහළ මට්ටමේ මිනිස්සුන්ගේ සැප ජීවිතය සාමාන්‍ය ජනතාවට පේනකොට තමයි සමාජය ඇවිස්සෙන්නේ. අන්තිමට මේ ප්‍රශ්න අරගල දක්වා ගිහින් රටවල් විනාශ වෙන්නත් බලපානවා. බස් එකේ අගේට යන්න පුළුවන් ගමනට කාර් මේනියාව හැදෙන්නේ පාරේ කාර් යනවා දකිනකොට. බඩ පුරවාගන්න බත් පාන් තියෙන රටේ නාසිගුරාන්, බුරියානි, පීසා ඕනෑ වෙන්නේ ඒවා දකිනකොට... ඉහළ ස්ථරය නැති කළාම රට ඉබේම සංවර්ධනය වෙනවා. ගමන සුබයි. ජයවේවා...

:       5       11

කුකුල් චමින්ද Monday, 15 September 2025 03:25 PM

ඔය කියන මතුදවස ඇත්තටම එනවා. හැබැයි නුඹලා වගේ රට කාපු අපතයෝයි, ඔවුන්ගේ කක්කා හෝදන බත් බැලයෝයි මෙලොවෙන් තුරන් වෙච්චි දවසකට...

:       1       10

tissa Monday, 15 September 2025 03:26 PM

එක කාමරේක පුටු ටිකකට සීමාවෙලා... අනේ අපොයි... ආණ්ඩුවේ සහන සොයන්න ඉස්සෙල්ලා තමන්ගේ වැඩගැන බලාගත්තා නම්...

:       2       13

idr tharanga Monday, 15 September 2025 03:40 PM

තමනගේ මාස්ක් එක ගලවල වෙන කෙනෙක්ට දාපු මිනිහෙක්ගෙන් බුද්ධිමත් උත්තර ලැබෙන්නෙ නෑ.

:       1       12

කපුරුහාමි Monday, 15 September 2025 03:42 PM

ඔය කියන සහන පින් ජනපතියා බලයේ ඉන්න කොටත් කරන්ඩ තිබුණා. මහ බැන්දුම්, වන්චා කරපු, ජනතාවගේ බදුමුදල් වලින් උපාධි උත්සවයට ගිය, ඒ මදිවාට රට බන්කොලොත් වෙලා තිබූ වෙලාවේ, වැඩකට නැති උපදේසකයෝ තිස් ගාණක් පත්කරගෙන ජනතා බදු සල්ලි කාබාසිනියා කරපු එකයි කෙරුවේ....

:       3       13

රනේ Monday, 15 September 2025 04:01 PM

සතේ සතේ හරි සාමාන්‍ය ජනතාවට තමයි ලැබෙන්නේ. කලින් වගේ තනි එකෙකුට නෙමෙයි.

:       1       6

Hafeel Monday, 15 September 2025 04:14 PM

අයතා ලෙස දේපල උපයා ගත්තායි කියලා බරපතළ චෝදනා තියෙන මෙයා වත්මන් පිරිසිදු රජයට උපදෙස් දෙන්නේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 26870 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18168 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10873 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 623 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 182 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 843 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site