(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනතාව පාරට බැසීම වැලැක්වීමට විධායකයට වගකීමක් ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ කටයුතු සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමිනි.
අනුර ප්‍රියදර්ශන මහතා එහිදී මෙසේද සඳහන් කළේය.
අපි ඊයේ කැදෙව්වා මුදල් මණ්ඩලයත්, හිටපු මහබැංකු අධිපතිවරයා සහ හිටපු මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා. ඒ සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරැන් සහභාගී වුණා. එතනදි අ දැනගන්න ලැබුණු කාරණා අනුව අපි දීර්ඝ කාලයක් තිස්සේ වගේම කෙටි කාලයක් තිස්සේ අපේ සමහර නිලධාරීන්ගේ ක්‍රියාවලීන් සහ ඇතැම් අවස්ථාවල විධායකයේ ඇතැම් ක්‍රියාවලීන් නිසා අපිට දැවැන්ත ගෙවුම් ශේෂ ප්‍රශ්නයකුත්, සමස්ථ ආර්ථික ප්‍රශ්නයකුත් නිර්මාණය වෙලා තිබෙන බව දැනගන්න ලැබුණා.
මේ ආර්ථික අර්බුදය පිළිබඳ යම්කිසි ආකාරයක කරුණු සඳහන් කිරීම මගේ යුතුකමක්. මේ ආර්ථික අර්බුදය හේතුකොටගෙන ගතහැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳ අපි ඔවුන්ගෙන් විමසනු ලැබුවා. එහිදී විශේෂයෙන්ම අයි.එම්.එෆ් වාර්තාවේ සඳහන් කරලා තිබුණු කරැණු එකින් එක හර්ෂද සිල්වා මන්ත්‍රීතුමා මුදල් මණ්ඩලයෙන් එකිනෙක විමසුවා. සෑම දෙයකටම ඔවුන් කිව්වේ මේ ප්‍රතිසංස්කරණ කළ යුතුයි කියලා. ඒ වගේම අන්තර්වාර කාලයක් සඳහා යම්කිසි මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාවකුත් සලකා බලන ලෙස ඔවුන් අපෙන් ඉල්ලා සිටියා.
මේ ආර්ථික ක්‍රියාවලීන් මිනිසුන්ට තේරෙන්නේ නෑ. ජනතාව දන්නේ භාණ්ඩවල හිඟකම සහ භාණ්ඩවල මිල ඉහළ යාම පිළිබඳවයි. ඒ නිසා ඔවුන් පාරට එනකොට මේ සඳහා ආර්ථික උත්තර පාර්ලිමේන්තුව ඇතුළෙ දීලා වැඩක් නෑ.අපි උත්තරයක් හොයනවා නම්. ඒ නිසා මේ පාර්ලිමේන්තුවට ලොකු වගකීමක් තිබෙනවා මුදල් පාලනය කිරීම පිළිබඳ. විධායකය මුදල් පාලනය කළත්, පනත් ඉදිරිපත් කළත් මේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියල්ලන්ටම ලොකු වගකීමක් තිබෙනවා මේ මුදල් පාලනය පිළිබඳ සොය බලන්න. ඒ සඳහා කමිටු ගණනාවක් පත් කරලා තිබෙනවා.
අද අපි ඉදිරිපත් කරනවා. අධිභාර බද්ධ පනත් කෙටුම්පත, සුරාබදු අඥා පනත යටතේ නිවේදන සහ වරාය, ගුවන්තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියමයක්. මම මේ පාර්ලිමේන්තුවේ අහලා තිබෙනවා බදු පැනවීම වැරදියි කියලා කාලයක් තිබුණා. අද මේ පාර්ලිමේන්තු පිළිගන්නවා ප්‍රථම වතාවට බදු පැනවීම අවශ්‍යයි රටක් ගෙනියන්න කියලා. ඒ නිසා රාජ්‍ය කළමණාකරණයේදී ඒ බදු හරියාකාරව පාලනය කිරීම සඳහා පාර්ලිමේන්තුව ඒ කමිටු හරහා ක්‍රියාත්මක වෙලා හරියාකාරව මේවා වෙනවාද කියලා බලන එකත්
අද අපි ඉදිරිපත් කරනවා අධිභාර බද්ධ පනත් කෙටුම්පත, සුරාබදු අඥා පනත යටතේ නිවේදන සහ වරාය, ගුවන්තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියමයක්. මම මේ පාර්ලිමේන්තුවේ අහලා තිබෙනවා බදු පැනවීම වැරදියි කියලා කාලයක් තිබුණා. අද මේ පාර්ලිමේන්තු පිළිගන්නවා ප්‍රථම වතාවට බදු පැනවීම අවශ්‍යයි රටක් ගෙනියන්න කියලා. ඒ නිසා රාජ්‍ය කළමණාකරණයේදී ඒ බදු හරියාකාරව පාලනය කිරීම සඳහා පාර්ලිමේන්තුව ඒ කමිටු හරහා ක්‍රියාත්මක වෙලා හරියාකාරව මේවා වෙනවාද කියලා බලන එකත් අපේ යුතුකමක් කියලා අපි කල්පනා කරලා තිබෙනවා. ඒ නිසා අන් කවරදාකටත් වඩා දැවැන්ත ආර්ථික අර්බුදයක් තියෙනකොට ඒ අර්බුදයේ ස්වරෑපය සහ ප්‍රමාණය, ඒ මගින් ඇතිවන ප්‍රතිපල සහ අනිටු විපාක ජනතාවට කරැණු පැහැදිලි කිරීමටත් විධායකයට හැකිවෙන්න ඕනි කියලා මම පාර්ලිමේන්තුවේ මතක් කරනවා. හංග ගන්නවාට වඩා ඇත්ත කතාව කියලා ජනතාවගෙන් කෙටි කාලයක් අරගෙන ජනතාව පාරට බහින එක වලක්වා ගන්න අපිට වගකීමක් තිබෙනවා. ඒ වගකීම ඉටු කරන්න කියලා මම විධායකයෙන් ඉල්ලා සිටිනවා. මම විධායකයේ සාමාජිකයෙක් නෙවෙයි. 225ම මේ වගකීම ගන්න ඕනෙ නෑ. මේ 225 වෙනුවට වෙන කවුරැ ආවත් ඒ 225ටත් වෙන්නේ මේකට උත්තර හොයන්න. මේ සම්බන්ධයෙන් ඍජු ක්‍රියාමාර්ගයක් මේ පාර්ලිමේන්තුවේ ගත යුතුයි. මෙතන කතිකත්වය හොයන තැනක් නෙවෙයි. අපිට වගකීම තිබෙන්නේ ව්‍යසනයෙන් ගොඩ එන්නේ කොහොමද කියලා. ඒ සඳහා විධායකයත් හොදින් තේරැම්ගෙන , තර්ජනය කරමින් ප්‍රකාශ කරන්නේ නැතිව මහජනතාවට ඇත්ත කියලා මේ බදු පනත් තුන සම්මත කළ යුතුයි. මේ හරහා යෙදෙන මුදල් පාර්ලිමේන්තු කාරක සභා වල අධීක්ෂණය යටතේ වියදම් කරලා, මේ පිළිබඳ කිසිදු වංචාවක්, දූෂණයක් නොවන බවට අපි මේ සභාවෙන් තහවුරැ කළොත් විතරයි අපිට මේ පාර්ලිමේන්තුව ගෙනයන්න හැකි වෙන්නේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘ජනතාව පාරට බැසීම වැලැක්වීමට විධායකයට වගකීමක් තියෙනවා‘