(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ දේශීය කාර්යාල බාර නිලධාරී ෆුන්ට්ෂෝ වැන්ග්යෙල් (Phuntsho Wangyel) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්වරුන් අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.
මෙරට සෞඛ්‍ය සේවා පද්ධතියේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඉදිරි සැළසුම් සහ අභියෝගයන් පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ෆුන්ට්ෂෝ වැන්ග්යෙල් මහත්වරුන් අතර අදහස් හුවමාරු විය.
එහිදී මෙරට ළමා හා මාතෘ සෞඛ්‍ය ප්‍රවර්ධනය සහාය දැක්වීම මෙන්ම එම සේවා සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීම, මෙරට ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සාර්ථකත්වයට පත් කිරීම උදෙසා දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම මෙන්ම ලිංගික අධ්‍යාපනය සඳහා වන වැඩපිළිවෙල ශක්තිමත් කිරීම හා දැනුම හුවමාරු කර ගැනීම පිළිබඳව ද සාකච්ඡා සිදු විය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ජනගහන අරමුදලෙන් වෛද්‍ය උපකරණ