IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඡන්දදායක සංගණනය පෙබරවාරි 01 සිට

(සුජිත් හේවාජුලිගේ )

ලබන වර්ෂය සඳහා ඡන්දදායක සංගණනය පෙබරවාරි 1 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව පැෆ්රල් සංවිධානය පවසයි.

මේ සංගණනයේදී පෙර වසරවල මෙන් සංගණන නිලධාරීන් සෑම නිවසකටම නොපැමිණෙන බව එම සංවිධානය සඳහන් කරයි.

නිලධාරීන් සංචාරය කරන්නේ  අලුතින් එකතු කරන ලද සහ ඉවත් කරන ලද නම් ඇතුළත් A සහ Aa ලැයිස්තු යාවත්කාලීන කිරීමට අදාළ නිවාස සඳහා පමණක් බව සඳහන් වේ.

එමෙන්ම ඡන්දදායක තොරතුරු රැස්කළ යුතු නිවාස වෙත පමණක් සංචාරය කරනු ලබන බවද පැෆ්රල් සංවිධානය පවසයි.

දේශපාලන පක්ෂ නියෝජිතයන්ට සංගණනය පවත්වන ආකාරය නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබෙන අතර තොරතුරු රැස් කිරීමෙන් පසු ඡන්දදායකයකු ලෙස ලියාපදිංචි වීමට සුදුසුද නැද්ද යන්න පිළිබඳ නිලධාරීන්ගේ නිර්දේශද නිරීක්ෂණය කළ හැකිවේ.

අක්‍රමිකතා නිරීක්ෂණය වුවහොත් නියෝජිතයන්ට සංගණන නිලධාරියාට ලිඛිතව දැනුම්දිය හැකි බවත් එවැනි නිවේදනයක පිටපතක් අදාළ දිස්ත්‍රික් නියෝජ්‍ය හෝ සහකාර කොමසාරිස් වෙත වහාම යොමු කළ හැකි බවත් පැෆ්රල් සංවිධානය පැවසීය.



අදහස් (0)

ඡන්දදායක සංගණනය පෙබරවාරි 01 සිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 592 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site