IMG-LOGO

2024 මැයි මස 11 වන සෙනසුරාදා


චීන ගගනගාමීන් තිදෙනා උඩුගුවනට

චීනය පෘථිවි කක්ෂයේ කුඩා අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදිකරමින් පවතින අතර, එහි තවත් අදියරක් සම්පූර්ණ කිරීමට, එරට ගනගාමීහු තිදෙනෙක් අභ්‍යවකාශය බලා පිටත්ව ගියහ. මෙම ගගනගාමීන් තිදෙනාගෙන් එක් කෙනකු කාන්තාවක් වීම ද විශේෂත්වයකි.

චීනය, අභ්‍යවකාශයේ ඉදි කෙරෙන අභ්‍යවකාශ නැවැතුම්පොළ හැදින්වෙන්නේ, 'ටියැංගොන්' යනුවෙනි. මෙය අදියර කීපයක් යටතේ ඉදි කෙරෙන්නේ කොටසින් කොටස උඩු ගුවනට ගෙන ගොස් එකලැස් කිරීමෙනි. 'ටියැංගොන්' අභ්‍යවකාශ නැවැතුම්පොළට සම්බන්ධ කෙරෙන කොටස් හැදින්වෙන්නේ මොඩියුල යනුවෙනි.

මෙම ගගනගාමීන් තිදෙනා අභ්‍යවකාශය බලා ගියේ 'ටියැංහේ' නමැති මොඩියුලයේ එකලැස් කිරීම් සදහාය. ඔවුන් තිදෙනා මාස 6 ක කාලයක් එම එකලැස් කිරීමේ කටයුතුවල නියැලෙනු ඇතැයි චිනය පෙන්වා දෙයි. මෙය දීර්ඝ කාලයක් චීන ගගනගාමීන් තිදෙනකු අභ්‍යවකාශයේ රැඳී සිටින පළමු අවස්ථාව ද වනු ඇත.

මෙහෙයුමට එක්වුණු ගගනගාමීන් තිදෙනාගෙන්, නායකයා ලෙස කටයුතු කරන්නේ 55 හැවිරිදි ෂියා ෂිගැංග් ය. 2008 වසරේ පළමු චීන ගගනගාමියා ලෙස අභ්‍යවකාශයට ගොස් ගගන සක්මනක පවා නියැලුණේ ද මොහුය. මොහු චීන ගුවන් හමුදාවේ නියමුවකු ලෙස සේවය කළ තැනැත්තෙකි.

මෙහෙයුමට එක්වන කාන්තාව, 41 ක් හැවිරිදි වැංග් යැපිංය. ඉදිවෙමින් පවතින අභ්‍යවකාශ නැවැතුම්පොළට ගිය පළමු ගගනගාමිනිය වන්නේ ද මැයයි. මැය 2013 වසරේ දි අභ්‍යවකාශ සංචාරයකට ද එක් වූවාය. ඒ, අභ්‍යවකාශයට ගිය දෙවැනි චීන ගගනගාමිය ලෙසිනි. මෙහෙයුමට එක්වී සිටින තෙවැනි ගගනගාමියා 41 ක් හැවිරිදි, යේයි ගොංග්ෆූය. මොහු ද පළපුරුදු ගුවන් නියමුවෙකි.

මොවුන් උඩු ගුවනට ගියේ 'ලොංග් මාර්ච් 2 එෆ්' රොකට්ටුවක සහ 'ෂෙංහූ12' ගගන කැප්සියුලයේ ආධාරයෙනි. රොකට්ටුවෙන් වෙන්වුණු ගගන කැප්සියුලය ඉතා සාර්ථකව අභ්‍යවකාශ නැවැතුම්පොළේ මොඩියුල සමඟ එක් වුණු අතර ගගනගාමීන් තිදෙනා මේ වනවිටත් ඔවුන්ට නියමිත වැඩ රාජකාරි ආරම්භ කර තිබේ.

(රොයිටර්)



අදහස් (4)

චීන ගගනගාමීන් තිදෙනා උඩුගුවනට

LalithM Saturday, 16 October 2021 03:09 PM

අපේ ආචාර්ය රෝහිත රාජපක්ෂ උත්තමයට තැනක් ගන්න බැරිය?

:       0       0

විපරමා Saturday, 16 October 2021 07:27 PM

චීනාට කිව්වානම් අපේ රටේ කවුරුත් දන්න ප්‍රසිද්ධ ගගනගාමියාවත් උඩුගුවනට යවන්න තිබුණා.

:       2       4

DonSunday, 17 October 2021 02:47 PM

අපේ ගගනගාමියා මහ ඇමැති වෙන්න නේද හදන්නේ...?

:       0       1

Prabha Sunday, 17 October 2021 01:49 AM

පුලුවන්නම් අපේ ගඟනගාමියත් ගෙනියන්නකෝ...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

සවස දෙකෙන් පසු තැනින් තැනට තද වැසි
2024 මැයි මස 11 19 0

දිවයිනේ බොහෝ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


සරසවි සිසුන්ට පහරදුන් සිසුන් පහක් අල්ලයි
2024 මැයි මස 11 38 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගල්පිට්ටනිය තුළදී එම විශ්වවිද්‍යාලයේ සහ කැලණි විශ්ව විද්‍යාලයේ සිසුන් තිදෙනකුට පහර දුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වව


අපරාධ වැලකට සම්බන්ධ අයෙක් මාට්ටු
2024 මැයි මස 11 34 0

මෝදර, බ්ලූ මැන්ඩල්, මිහි ජය සෙවන, කොටහේන, මහභාගේ , රාගම යන ප්‍රදේශවල සිදු කළ අපරාධවලට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවෙක් මත්කුඩු ග්‍රෑම් 12ක් සහ මිලිග්‍රෑ


තිදරු මව දූෂණය කර මරා දමලා
2024 මැයි මස 11 143 0

මරදන්කේනි තලෙයිඅඩි ප්‍රදේශයේ කාන්තාවක දූෂණය කර ගෙල සිරකර ඝාතනය කර ඇතැයි මරදන්කේනි පොලිසිය පවසයි .


දිල්ලි මහ ඇමැති කෙජ්රිවාල්ට ඇප
2024 මැයි මස 11 162 0

දූෂණ චෝදනා සම්බන්ධයෙන්, මාසයකට වැඩි කාලයක් අත්අඩංගුවේ සිටි දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට ඇප නියම කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.


ඉන්දියාවට එන්නද? මාලදිවයින ජනපති අසයි
2024 මැයි මස 11 540 0

ඉන්දීයාවට වඩා දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහමඩ් මුයිසු ඉන්දීය සංචාරයකට කැමැත්තෙන් පසුවන බව පැවැසෙයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 591 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2086 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1823 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site