IMG-LOGO

2024 මැයි මස 20 වන සඳුදා


චමරි ඇතුළු ක්‍රිකට් විරුවරියෝ දිවයිනට

(ටී.කේ.ජී.කපිල )

දකුණු අප්‍රිකාවේ පැවති විස්සයි විස්ස සහ එක් දින තරගාවලි දෙකම සහ ඩුබායි හි පැවති ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරඟ සියල්ල ද ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

මාස දෙකක්, ක්‍රිකට් තරඟ සංචාරයන් දෙකක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මෙම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙසේ යළිත් මෙරටට පැමිණ තිබුණි.

ගුවන් තොටුපොළේ දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මෙසේ පැවසීය .

අපට මෙම ජයග්‍රහණය කිරීම සදහා කණ්ඩායමේ දක්ෂ යොවුන් ක්‍රීඩිකාවන් මෙන්ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් ද විශාල සහයක් ලබා දුන්නා .

එළඹෙන ඔක්තෝබර් මාසයේ බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම සමඟ තරගාවලියක් ද , ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය සහ අයර්ලන්තයේ ක්‍රිකට් තරගාවලි සංචාරයක් ද සදහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වීමට නියමිත බව ද ඇය පැවසුවාය .



අදහස් (6)

චමරි ඇතුළු ක්‍රිකට් විරුවරියෝ දිවයිනට

වික්‍රමසිංඃහ Thursday, 09 May 2024 08:49 AM

වර්තමානයේ ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමට වඩා ජයග්‍රාහි මාවතක සිටීම නිසා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය පහසුකම් හා,අනුග්‍රහය දැක්වීම ක්‍රිකට් බළ ධාරින්ගේ යුතුකමකි.ඉදිරියේ තිබෙන තරගාවලිය ද ජයග්‍රහණය කිරීම සදහා චමරි අතපත්තු ප්‍රමුඛ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සුබ පතමු.

:       1       34

චතුර Thursday, 09 May 2024 09:10 AM

ඔබ සියළුදෙනා අපේ රටට ආඩම්බරයක්. සුභ පැතුම්!

:       0       31

Senarath Thursday, 09 May 2024 09:15 AM

ඔබ සැමට අපේ සුබ පැතුම්

:       0       25

Lalla Thursday, 09 May 2024 09:39 AM

අර ෂම්මිගේ වල්වැදුන කොලු රෑනට වඩා හොඳට ගෙවීමක් මේ උත්සාහවන්ත කෙල්ලන්ට දෙන්න ඕන නේද? ජයග්‍රහණය සඳහා සියල්ලටම වඩා ශික්ෂණය අවශ්‍ය බව මේ කණ්ඩායම සාක්ෂ්‍ය දරනව....

:       1       20

tyronne Thursday, 09 May 2024 10:29 AM

චමරී ඇතුළු කන්ඩායමට උනුසුම් සුබ පැතුම්! චමරීගේ දක්ෂතාවයන් නම් සුපිරි

:       0       7

fairoos Thursday, 09 May 2024 11:19 AM

සුබ පැතුම්

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

අතුරුදන්වු සිසුවියගේ සිරුර කොත්මලා ජලාශයේ
2024 මැයි මස 20 87 0

තලවකැලේ, ඉහල කොත්මලා ජලාශයේ පාවෙමින් තිබියදී පාසල් සිසුවියකගේ සිරුරක් සොයා ගත්බව තලවකැලේ පොලීසිය පවසයි.


මන්ත්‍රී විස්සකට මැතිසබේ කෑම තිත්ත වෙලා
2024 මැයි මස 20 239 0

පාර්ලිමේන්තුවේ භෝජනාගාර අංශයෙන් දෙන කෑම කිසිම ගුණාත්මකභාවයක් නැතැයි මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාට පැමිණිලි කර ඇත.


නාන්න ගිය දෙදරු මවගේ සිරුර කුඹුක්කන් ඔයේ පාවෙයි
2024 මැයි මස 20 318 0

කුඹුක්කන් ඔයේ දියනෑමට ගොස් ඝාතනයට ලක්වූ බව සැකකෙරෙන දෙදරු මවකගේ මළසිරුරක් ලුණුගල කුබුක්කන් ඔයේ තිබියදී හමුවූ බව ලුණුගල පොලිසිය පවසයි .


හොරණ වෙඩික්කරු කොට්ටාවේදී කොටුවෙයි
2024 මැයි මස 20 570 0

හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී පසුගිය 5 වැනිදා ව්‍යාපාරිකයෙකුට වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.


අහසින් ඇවිත් පලිබෝධනාශක ඉසීම අරඹයි
2024 මැයි මස 20 522 0

මෙවර යල කන්නයේ දී දිස්ත්‍රික්ක 15ක වී වගාවේ පළිබෝධ නාශක ඉසීම ඩ්‍රෝන තාක්ෂණය යොදාගනිමින් සිදු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන


මහනාහිමිවරු ඥානසාර හිමිට නිදහස ඉල්ලති
2024 මැයි මස 20 1870 7

ගලගොඩඅත්තේ ඥානසාරහිමිට ජනාධිපති සමාව ලබා දෙන්නැයි ඉල්ලා තෛයිනිකායික මහනාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 813 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2367 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2029 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site