
(විමුක්ති එස් රුද්‍රිගු)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ, රජය ජනවාර්ගික ගැටලු විසඳීමේ මුවාවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ උත්සාහය වේගවත් කරමින් සිටින බව තමිල්නාඩු මහ ඇමැති එම්.කේ ස්ටාලින් මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර ඇත.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මෙරට රජය ඉදිරිපත් කර ඇති රාමුවෙන්ද ඉස්මතු වන්නේ ඒකීය රාජ්‍ය සංකල්පය බවද තමිල්නාඩු මහ ඇමතිවරයාගේ මතය වී තිබේ.
දැනට ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මගින් ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට එල්ල වන “බරපතල අවදානම්”තත්වයන් ඉස්මතු කරමින් මහ ඇමතිවරයා මෙම ලිපිය අගමැතිවරයා වෙත යොමුකර ඇති අතර එම ලිපිය මගින් ඔහු පෙන්වාදී ඇත්තේ මෙරට දෙමළ ජනතාවගේ දුක්ගැනවිලි සැබැවින්ම විසඳන ව්‍යවස්ථාමය ක්‍රියාවලියක් සඳහා ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමට ඉන්දියාව රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් මැදිහත් විය යුතු බවයි.
වාර්ගික සුළු ජනකොටස්වල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පළාත්වලට බලය බෙදී යන ෆෙඩරල් ක්‍රමයක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් බලපෑම් එල්ල කළ යුතු බවද ස්ටාලින් මහතා යැවූ ලිපියේ සඳහන් වේ.
එවැනි මැදිහත්වීමකින් කලාපීය සාමය ආරක්ෂා කිරීම සඳහා ඉන්දියාව ගන්නා උත්සාහයට නව වටිනාකමක් එක් කෙරෙනු ඇති බවද එහි දැක්වේ.
COMMENTS
ඔබලාට එහෙම දෙමල ජනතාව ගැන කැක්කුමක් තිබේ නම් කල යුත්තේ ඔවුන්ව තමිල්නාඩුවට ගෙන්වා ගැනීමයි. මුලින්ම් තමන්ගෙ ප්‍රාන්තෙ මිනිස්සුන්ට ටොයිලට් හදලා දිය යුතුයි. ඊට පසු අනිත් රටවල මිනිසුන් ගැන බැලිය යුතුයි. අපි දන්න විදියට ලංකාවෙ දෙමල මිනිසුන් පාරවල් වල අහවල් වැඩේ කරන්නෙ නෑ
ලංකාවේ ගෙන එන ව්‍යවස්තාවල් නවත්වන්න ඔබට බැහැ , උතුරේ ද්‍රවිඩ ජනතාවට වැඩි බලතල දීලා උන් තමිල්නාඩුවත් ඒකට ඇදගෙන අනාගතේ පිස්සු නටන්න පුළුවන් බව මොදී දන්නවා , රජිව්ගන්ධි ගතනෙන් පස්සේ ඉන්දියාවේ මහා ආණ්ඩුව පාඩමක් ඉගෙන ගෙන ඉන්නේ , ලංකාවේ බහුතරයක් වන සින්හල මිනිස්සු තරහ කරගන්න ඉන්දියාවේ මහා ආණ්ඩුව කැමති නැහැ , ඉන්දියාව වටේම තිබෙන රටවල් ඔවුන්ගේ විරුද්ධ වධින් , අපි විතරය ඔවුන්ට ඉන්න මිතුර , මේ අවස්ථාවේ අපිව තරහ කරගන්න ඔවුන්ට කිසිම අවශ්‍යතාවයක් නැහැ , දේශපාලනික වශයෙන් ශක්තිමත් නිසා , තමිල් නඩුව ඇතිව හෝ නැතිව රට පාලනය කරන්න ඉන්දියාවේ මහා ආණ්ඩුවට මේ අවස්ථාවේ පුළුවන් , කරුණාකර උතුරේ ද්‍රවිඩ ජනතාවට ආදරෙ නම් ඔවුන්ගේ මත්ස්‍ය සම්පත සුරකන තමිලනාඩු ධීවරයන් ගෙන මුලින්ම ඔවුන්ව ආරක්ෂා කරගන්න , එක කරන්න ඔබට බලතල තිබෙනවා ,
මෝදි කියන්නේ ඉන්දියාවේ පාලකයා මිසක් තමිල්නාඩුවේ අතවැසියෙක් නොවේ , ස්ටාලින් කියන කියන ඒවා කරන්න ඔහුට අවශ්‍යතාවයක් හො කැමැත්තක් නැත ,
අපිට ඒකීය රාජ්‍ය සංකල්පය මිස ෆෙඩරල් ක්‍රමයක් නොව