IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


ගව - එළු - බැටළු රක්ෂණය වැඩි කරයි

(අංජුල මහික වීරරත්න)

ගව, එළු හා බැටළු යන සතුන් ආවරණය වන පශු රක්ෂණ යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ පුළුල් කිරීමට රජය තීරණය කර තිබේ.

කෘෂිකාර්මික, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ප්‍රමුඛතම රාජ්‍ය ආයතනයක් වන කාෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ගොවියා ආරක්ෂා කර ගැනීමට විවිධ ආකාරයේ රක්ෂණ ක්‍රම ආරම්භ කර ඇත.

එහිදී මහා පරිමාණ මෙන්ම සුළු පරිමාණ සත්ව පාලනයේ යෙදෙන පශු ගොවි මහතුන්සේ අවදානම අවම කර, සුරක්ෂිත භාවය තහවුරු කිරීම අරමුණු කර එම ක්ෂේත්‍රයේ ගව, එළු හා බැටළු යන සතුන් ආවරණය වන පරිදි පශු රක්ෂණ යෝජනා ක්‍රමයක්ද ක්‍රියාත්මක කරනු ලබයි.

කෘෂිකර්මාන්ත, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා විසින් මෙම පශු රක්ෂණ යෝජනා ක්‍රමය වඩාත් පුළුල් ලෙස දීප ව්‍යාප්තව සත්ව පාලන කර්මාන්තයේ යෙදෙන ගොවි මහතුන් වෙත ක්‍රියාත්මක කරන ලෙස ලබාදී ඇති උපදෙස් මත දිවයින පුරා සත්ව ගොවිපළ  වලට මෙම රක්ෂණ යෝජනා ක්‍රමය ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇත.

මෙහිදී මූලික රක්ෂණාවරණය යටතේ හදිසි අනතුරකින්, රෝගී තත්ත්වයකින්, සතකු මිය යාම හා පූර්ණ දුබලතාවය වෙනුවෙන් ගෙවීම සිදු කරයි.

සම්මත රක්ෂණාවරණය මඟින් ගවයන්, එළුවන් හා බැටළුවන්ට සිදුවන හදිසි අනතුරු සහ රෝග සඳහා මූලික ලෙස ආවරණය කරන අතර, අතිරේක ආවරණ ලෙස ගින්න ,අකුණු  අනතුරු හා සීසෑමේදී සිදුවන අනතුරු මෙන්ම ප්‍රවාහනය කිරීමේදී සිදුවන අනතුරු සඳහාද රක්ෂණ ආවරණයන් ලබාදීම සිදු කරනු ලැබේ.

දිවයිනේ සත්ව පාලනයේ යෙදෙන පශු ගොවින්ගේ අවදානම් කළමනාකරණය කර ගැනීම මඟින් කර්මාන්තය වැඩි දියුණු කර ගනිමින් තවදුරටත් එම ක්ෂේත්‍රයේ යෙදීම සඳහා අවශ්‍ය  මූල්‍ය ශක්තිය ලබාදීම අරමුණ බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.



අදහස් (1)

ගව - එළු - බැටළු රක්ෂණය වැඩි කරයි

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Tuesday, 14 October 2025 03:12 PM

වසර 76ක් තිස්සේ රටකාපු හැතිකරේගේ කක්කා හෝදන අපි ජෝඩුව වාගේ බත්කන හරක්ට සුභ ආරංචියක්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 667 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 850 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 367 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site