IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


ගයන්ත මාලිනිය ගැන කවුරුත් නොදන්න කතාවක් කියයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මාලිනී ෆොන්සේකා ඉතා දක්ෂ මෝටර් රථ ශූරියක් බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා:- (ස.ජ.බ) මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඒ කාරණය ගැන දන්නේ ටික දෙනෙක් පමණක් බවද කරුණතිලක මහතා කීය.

ප්‍රවීණ රංගනවේදනී මාලිනී ෆොන්සේකා  මහත්මිය පිළිබඳ පාර්ලිමේන්තු ශෝක යෝජනාව අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

"මාලිනී ෆොන්සේකාට මුළු රටක් ආදරය කළා. එතුමිය  ආණ්ඩු පක්ෂයේ සිටියත් අප විපක්ෂයේ සිටියත් ඉතා කුළුපගව ඇසුරු කරන්නට අවස්ථාව ලැබුණා.මා යහපාලන ආණ්ඩුවේ ජනමාධ්‍ය ඇමති ලෙස සිටියදී නිරන්තරයෙන් ඇය අපගේ අමාත්‍යංශයට පැමිණ වැඩකටයුතු සඳහා ධෛර්ය ලබා දුන්නා. මාලනී ෆොන්සේකා ගැන කතා කරද්දි සිනමාව ගැනත් සිනමාව ගැන කතා කරද්දි මහා භාරතයත් අපට අමතක කරන්න බැහැ.දකුණු ඉන්දීය සිනමාවේ රන් චරිතය වූ සිවාජි ගනේශන් සමගත් මාලිනී ෆොන්සේකා මැතිනිය ප්‍රධාන චරිතය රඟපෑවා.සම්භාව්‍ය චිත්‍රපට මෙන්ම වාණිජ චිත්‍රපට වලටත් ඇය එකසේ රංගනයෙන් දායක වුණා.ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරිය වූයේද මාලිනී ෆොන්සේකා මැතිනියයි" යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (0)

ගයන්ත මාලිනිය ගැන කවුරුත් නොදන්න කතාවක් කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 95 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 341 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 61 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site