IMG-LOGO

ගම්මන්පිලගෙන් සී.අයි.ඩීය. පැය 3ක් ප්‍රශ්න කරයි

(ගයාන් සූරියආරච්චි)

ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (9) පැය 3 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගත්තේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  හමුවේ අද (9) පෙරවරු 10.00 ට පමණ පෙනී සිටි ගම්මන්පිල මහතා සවස 1.00 ට පමණ ඉන් පිටව ගියේය.

එහිදී අදහස් දැක්වූ ගම්මන්පිල මහතා කියා සිටියේ බහාලුම් 323 හි නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන අතර මේවන විට සිද්ධීන් 6 ක් ප්‍රසිද්ධ කර ඇති බවත් ඒවා මෙතෙක් ආණ්ඩුව ප්‍රතික්ෂේප කළ නොහැකි බවත් ය.

වචනයක් වැරදුණු විට අප අල්ලා ඇතුළට දාන්න ආණ්ඩුව උත්සාහ කරන බවත් ඒ සෙල්ලම් අපත් සමග බැරි බවත් කී ගම්මන්පිල මහතා මෙම සිද්ධියට සම්බන්ධ නිලධාරීන් රටින් පැනයාමේ උත්සාහයක් පවතින අතර ඔවුන්ට විදෙස් ගමන් තහනමක් පැනවීමට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බවත් පැවැසීය.

මෙම බහාලුම් 323 සම්බන්ධයෙන් පැමිණිලි මීට මාස 4 කට පමණ පෙර පොලිසියට ඉදිරිපත් කර මුත් ඒ සම්බන්ධයෙන් කිසිවෙක් ගෙනැවිත් ප්‍රශ්න නොකර ප්‍රශ්නය ගැන කතා කරන අයගෙන් ප්‍රශ්න කරන බවද කී ගම්මන්පිල මහතා කියා සිටියේ අපේ කටවල් වහන එක ආණ්ඩුවට ලෙහෙසි නොවන බවය.



අදහස් (4)

ගම්මන්පිලගෙන් සී.අයි.ඩීය. පැය 3ක් ප්‍රශ්න කරයි

Rawidu Monday, 09 June 2025 04:11 PM

මෙයාවත් මොකක්හරි හොයලා ඇතුලට දායි වගේ ළඟදීම

:       2       5

prasanna Monday, 09 June 2025 04:14 PM

මෙම ආණ්ඩුවේ වැඩ සියල්ලම සිදුවන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය පටහැනිව

:       15       2

රුවන් Monday, 09 June 2025 04:53 PM

මම ඇල්වතුරත් කූල් කරලා බොන්නේ, එච්චරටම කපටි, අහිංසක, දුෂිත, අවංක, සැදැහැවත්, හොරෙක්.

:       1       15

කව්ද බෝයි Monday, 09 June 2025 05:36 PM

මේකා කියපු පාස්කු ප්‍රහාරයේ විස්තර ටික දැන් එළියට දාලා ඉවරයිද? ජනාධිපතිට ගේනවා කියපු දෝෂාභියෝගයත් ගෙනැල්ලා ඉවරද? මෙයාගේ කයිවාරුව විතරක්, කිසිම වැඩක් බෑ...! 

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 694 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 367 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 507 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site