IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කෝටි 14ක මත්ද්‍රව්‍ය සමඟ අයියා මලෝ මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

සුඛෝභෝගී හෝටල් කාමර සහ නිවාස කුලී පදනම මත ලබාගෙන මහා පරිමාණයෙන්  මත්ද්‍රව‍්‍ය  ජාවාරමේ යෙදුණු එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු රුපියල් කෝටි 14 කට ආසන්න වටිනා මත්ද්‍රව‍්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.

එම සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී කොකේන් මත්ද්‍රව‍්‍ය  කිලෝ ග්‍රෑම්  01  යි ග්‍රෑම් 56 ක් ,හොරෙයින් මත්ද්‍රව‍්‍ය කිලෝ ග්‍රෑම්  01 යි ගෑම් 212 ක් , හා අයිස් මත්ද්‍රව‍්‍ය  කිලෝ ග්‍රෑම්  04 යි  ග්‍රෑම් 116 ක්  පොලිස් භාරයට ගෙන ඇත.

කොළඹ 6 වැල්ල වත්ත ඩබ්ලිව් ,ඒ .ද. සිල්වා මාවතේ කුලියට ගත් සුඛෝභෝගී නිවසක් තුළ  පුද්ගලයකු මත්ද්‍රව‍ය  ජාවාරම සිදු කරන බවට  කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාට  ලද රහසිගත තොරතුරකට අනුව එම නිවස වටලා එහි සිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිදුකළ පරික්ෂාවේදී ඔහු සන්තකයේ තිබී හොරෙයින් මත්කුඩු ග්‍රෑම් 116 ක් සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

එම සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී ඔහුගේ වැඩිමහල් සහෝදරයා කඩවත දලුවපිටිය මිහිඳු මාවතේ හෝටලයක මත්ද්‍රව‍්‍ය  සන්තකයේ තබාගෙන රැඳී සිටින බවට අනාවරණය කිරීමෙන් අනතුරුව එම හෝටලය වටලා සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ පරික්ෂාවේදී ඔහු සන්තකයේ තිබී කොකේන්, අයිස් හා හොරෙයින්  මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි

 

 

 



අදහස් (0)

කෝටි 14ක මත්ද්‍රව්‍ය සමඟ අයියා මලෝ මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1044 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site