IMG-LOGO

කොළඹ රිජ්වේ ආර්යා රෝහලට නවීන ප්‍රතිකාර යන්ත්‍රයක්

(අංජුල මහික වීරරත්න)

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්ථාපිත කරන ලද නව න්‍යෂ්ටික ප්‍රතිබිම්භ ඒකකය (Gamma Camera) ප්‍රතිකාර සේවාවන් සදහා එක් කිරීම  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

රුපියල් මිලියන 154 ක් වටිනා මෙම අති  නවීන තාක්ෂණයෙන් යුත්  න්‍යෂ්ටික ප්‍රතිබිම්භ ඒකකය (Gamma Camera) සදහා මුදල් ප්‍රතිපාදන  සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දී ඇත. 

වකුගඩු රෝග ප්‍රධාන කොට රෝග විනිශ්චය කටයුතු සදහා මෙම උපකණය භාවිතා කරනු ලබයි.

මෙතෙක් මෙම පරීක්ෂණ කටයුතු සදහා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්ථාපිත කර තිබූ යන්ත්‍රය වසර 20 වඩා පැරණි  වන අතර එය වරින්වර අක්‍රිය තත්ත්වයට පත්වෙමින් තිබිණි. එම අවස්ථාවන් වල දී පරීක්ෂණ කටයුතු කොළඹ ජාතික රෝහලෙන් සිදුකර ගැනීමට සිදුවිය සිදුවිය.

කොළඹ ජාතික රෝහල, කරාපිටිය ජාතික රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල යන රජයේ රෝහල්වල මෙම යන්ත්‍රය  ස්ථාපිත කර ඇති අතර එමගින්  රෝගී සත්කාර සේවාවන් කාර්යක්ෂමව සිදුකරනු ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.



අදහස් (0)

කොළඹ රිජ්වේ ආර්යා රෝහලට නවීන ප්‍රතිකාර යන්ත්‍රයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1973 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 621 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 702 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site