(සමන් පාලිත නානායක්කාර)
පවතින අධික වර්ෂාව සමඟ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට හල්දුම්මුල්ල මරංගහවෙල හපුතලේ ප්‍රදේශයේදී ගල් පෙරළීමේ අවදානමක් මතුවී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
මේ වනවිටත් අද 19 පස්වරුවේ පැවති ධාරානිපාත වර්ෂාව සමඟ හල්දුම්මුල්ල කළුපහන පුස්සැල්ල ප්‍රදේශයේදී විශාල ගල් කුළු කිහිපයක් කඳුමුදුනේ සිට මාර්ගය මතට කඩා වැටී ඇති බවත් වාහන ගමන් කළ හැකි වුවද ඒ පිළිබඳව අදාළ අංශ දැනුවත් කළ බවත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් කුමාර රාජපක්ෂ මහතා පැවසීය.
කෙසේ වෙතත් පවතින අධික වර්ෂාව හමුවේ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට මරංගහවෙල බෙරගල හපුතලේ අතර ප්‍රදේශයේදී මාර්ගය දෙසට කදු මුදුන් වල සිට ගල් පෙරළීමේ අවදානමක් පවතින බැවින් විමසිලිමත්ව අවධානයෙන් රථ වාහන ධාවනය කරවන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කොළඹ - බදුල්ල පාරට ගල් වැටීමේ අවදානමක්