(ගයාන් සූරියආරච්චි)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවෙසකින් රුපියල් එක්කෝටි විසිලක්ෂයක මුදලක් සහ එහි තිබූ ඩොලර් 3500 ක මුදල් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ බව කියන පොලිස් වංචා විමර්ශන කාර්යාංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (2) අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් වංචා විමර්ශන කාර්යාංශයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරයෙකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලට අනුව එම සැරයන්වරයා සහ කොස්තාපල්වරයා අත්අඩංගුවට ගනු ලැබූහ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
ඩයනා ගමගේ මහත්මිය, සංචාරක රාජ්‍ය ඇමතිනිය ලෙස කටයුතු කරද්දී ලබා දී තිබූ වාහන හතරක් තවමත් භාර දී නැතැයි වාර්තාවේ.
ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධණය වෙමින් පවතින අතර - මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් වර්ධණය වේ.
නිලාවේලි වෙරලේ නවතා තිබු පරෙවි දූපතට සංචාරකයන් ප්‍රවාහන කරන යාත්‍රාවකට කිසියම් පිරිසක් ගිනිතබා ඇතැයි කුච්චවේලි පොලිසිය පවසයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමට ප්‍රථම එම සිසුන්ට උසස් පෙළ පන්ති ආරම්භ කිරීමෙන් ප්‍රායෝගික ගැටලු රාශියකට මුහුණ
ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙළ තමන් අනුමත නොකරන බවත් ආණ්ඩුවේ වැඩපිළිවෙළට එරෙහිව රට වෙනුවෙන් ඕනෑම තීන්දුවක් ගැනීමට පසුබට නොවන බවත් හිටපු ජනාධිපති මහින්ද ර
ශ්‍රී ලංකාවට පර්යේෂණ නැව් පැමිණීම වසරකට තහනම් කර ඇත්තේ ඇමරිකාවේ වුවමනාවකට බවට කරුණු අනාවරණය වන බව පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කොල්ලුපිටියේ කොල්ලයට පොලිසියේ දෙකක් මාට්ටු